(බිඟුන් මේනක ගමගේ )
අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන 19+ අධ්‍යාපනික රැකියා ප්‍රදර්ශනයට උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් අනිවාර්යෙන් සහභාගී වන්නැයි ද ඊට අවශ්‍ය ගමන් වියදම් පාසල් සංවර්ධන ගිණුමෙන් ලබාගන්නැයි ද දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ලිඛිතව නියෝග කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පැමිණිලි කර ඇත.
අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට කිසිසේත් අදාළ නොවන කාර්යක් සම්බන්ධයෙන් විශාල මූල්‍ය පිරිවැයක් හා කාලයක් යොදාගැනීමක් මෙමගින් සිදුවන්නේ යැයි ද අමාත්‍යංශයේ අතිරේක ලේකම්(අධ්‍යාපන) විසින් නිකුත් කරනු ලැබ ඇති මෙම නියෝගය වහා ආපසු හකුලාගන්නැයි ද එම සංගමය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේදී ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙමගින් උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පාසල් සිසුන් ගොනුකර ගැනීමට පෞද්ගලික අංශයට ඉඩ ප්‍රස්ථා විවර වන්නේ යැයි ද එවැනි දෙයකට අතගැසීම අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්යක් නොවන්නේ යැයි ද එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
පාසල් අධ්‍යාපනයෙන් බැහැර අවුරුදු 19 ඉක්ම වූ සිසුන්ගේ උසස් අධ්‍යාපන හෝ වෘත්තිය අධ්‍යාපනය සම්බන්ධව වගකීම් දරණ අමාත්‍යංශයක් හා ඊට අනුබද්ධිත රජයේ වෘත්තිය පුහුණු ආයතන ක්‍රියාත්මක බව දැන දැනම අධ්‍යාපන ඇමැතිවරයා මෙවැනි කටයුතු කරන්නේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට යැයි ද ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් චෝදනා කරයි.
COMMENTS
අධ්‍යාපන හා රැකියාවන් ගැන ජනතාව දැනුමෙන් සන්නද්ධ වුණාම දේශපාලකයින්ගේ රැස්වීම්වල පෝස්ටර් ගැසීමට කැන්වසින් යාමට කෙනෙක් නැතිවෙනවානේ...
උසස් පෙල පන්තිවල ඉන්න ගොඩක් පිරිමි ළමයි රක්ෂාවක් කරන්න ආසයි. පුද්ගලික අංශයේ ආයතනත් මෙයාලා පුහුණු කරලා අවම වැටුපකින් උපරිම සේවයක් ලබාගත හැකිබව දන්නවා. නමුත් මේ ක්‍රියාවලියෙන් සිද්ධවෙන්නේ පිරිමි ළමයින්ගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු නතරවීමයි. සංඛ්‍යා ලේඛනවලට අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන පිරිමින්ගේ ප්‍රතිශතය 35%ක් පමණයි.
අධ්‍යාපන රැකියා ප්‍රදර්ශනයට සහභාගීත්වය අනිවාර්ය කළද, නොකළද ඒ සඳහා පාසල් සිසුන් උද්යෝගිමත් කිරීම දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. අද වර්තමාන ජාතික රජයේ අගමැතිවරයා එදා මෙන්ම අදත් පාසල් අධ්‍යාපනයට මුල් තැනක් දෙන, පාසල් අධ්‍යාපනයට නව යුගයට සරිලන ආකාරයට සකස් කර ඇතිබව පෙනේ. අධ්‍යාපනය යනු රටක තිබෙන ශක්තියයි. රට සංවර්ධනය කරා ගෙනයන්නට නම් ලෝකයේ දියුණු ප්‍රබල රටවල් සමග එක්ව සිටීමට නම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. ලෝකයේ දියුණු රටවල මැනවින් අත්හදා වැඩිදියුණු කරන ලද තාක්ෂණ අධ්‍යාපනය ලංකාවේ පාසල් සිසුන්ට ලබාදීමේ කිසිම වරදක් නැත. උසස් අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ගෙන් සියලුදෙනා විශ්ව විද්‍යාල කරා යන්නේ නැත. ලංකාවේ විශ්වවිද්‍යාල පමණක් තිබෙන ලෝකයේ කොහේවත් නැති අමානුෂික මාෆියා සමග සටන් වැදීමට පවා සිසුන්ට සිදුව තිබේ. විශ්ව විද්‍යාලවලට වරම් නොලබන බොහෝ සිසුන්ට ඔවුන්ගේ දක්ෂතා මත ලොව පිළිගත් තාක්ෂණවේදියකු වී තමන්ගේම රැකියාවක්, විදේශ රැකියාවකට යාමට අවස්ථාව නව රජය යටතේ උදාකර දි තිබේ. ලංකා ගුරු සේවා සංගමය හෝ මාෆියාව ලංකාවේ විස්වවිද්‍යාල සිසුන් මුහුණදෙන නවකවදය ගැන මුනිවත රකින්නේ මන්ද?
වෘත්තිය මාර්ගෝපදේශනය අධ්‍යාපනයට සම්බන්ධ නැහැ කියන්නේ කොහොමද?.
සිසුන් ද්විතීක අධ්‍යාපනය අවසන් කළ පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු විය යුතු ය. නැති නම් ඔවුන්ට නුපුහුණු ශ්‍රමිකයින් ලෙස අඩු වැටුපට සේවය කරමින් ඉන්න වෙනවා. අපේ දරුවන් මේ සම්බන්දව දැනුවත් බව අඩු යි. ඒ නිසා මෙම දරුවන් මෙවැනි වැඩ සටහන් මගින් දැනුවත් වීම.වැදගත්.
අවුරුදු විස්සකට කලින් කරන්න තිබුණ දෙයක් නේ.
විරෝධය පදනම් විරහිතයි , රැකියා වෙළඳ පොළ ගැන දැනුවත් කමක් නැති නිසා හුගක් ළමයි වැරදි විෂයන් තෝරා ගන්නවා , අද උසස් පෙළ විෂය ධාරාවට අලුත් විෂයන් එකතු වෙලා තියනවා නමුත් ළමයි තාමත් විද්‍යා , කලා වාණිජ වලට හිර වෙලා