ශිරාන් රණසිංහ
පාසල් දරුවන්ට වසර දහතුනක් අධ්‍යාපනය අනිවාර්යය කිරිමට රජය ගෙන ඇති තීරණය රටම දැන සිටියදී රුපියල් මිලියන 113 ක් වැයකර යළිත් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටියි.
මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය පිළිබඳව දැන්වීම් සමාගමක් සමඟ සාකච්ඡා කර තිබේ.
මේ වනවිටත් පාසල් 50 ක මෙම 13 වසරක අධ්‍යාපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර රුපියල් මිලියන 113 ක් වැය කර යළි ප්‍රචාරණයක් ලබාදීම බරපතල ප්‍රශ්නයක් බවද ගුරු සංගම් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව සමාජයේ යහපත වෙනුවෙන් ,පරපුරක් විකසිත කිරීම වෙනුවෙන් වගකීම සහ වගවීම රජයක වගකීම බව ඇත්ත. එහෙත් රජයේ පාසල් අතර සම්පත් බෙදීයාම ඉතාමත් ඛේදජනක වනුයේ ,ලඟම පාසල හොඳම පාසල වුවත් එය එසේ වන්නේ නැත. ඈත ගම්මානවල දුෂ්කර පාසල්වල තත්වය ඉතාම කනගාටුදායකය. එසේ තිබියදී අධ්‍යාපනය අනිවාර්ය කිරීම වෙනුවෙන් ප්‍රචාරණයට මිලියන 113ක් වියදම් කිරීමට සැලසුම් කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසක් පාසල් වෙත පැමිණෙන බැවින් අපේක්ෂිත ප්‍රචාරණය දරුවන්, ගුරුවරුන් හරහා වියදමකින් තොරව කළ හැකිය. එම මුදල් අඩු පහසුකම් සහිත දරුවන් වෙනුවෙන් වෙන්කර ගුරු ගීතයේ දුයිසේන්ගේ පාසලට වඩා ඉහළින් ඔසවා තැබිය හැකිය. අධ්‍යාපනයේ උත්තම ස්වරුපය අපි හඳුනාගත්තේ පාසලෙන්, අපේ යහපත් ගුරුවරුන්ගෙන් නිසා අධ්‍යාපනයට වෙන්කර ඇති මුදල් දරුවන් වෙනුවෙන් පමණක් යෙදවීම වගකීමයි. අප ඇත්ත දකින්නේ නැති බැවින් ,සැබෑ අවශතා දකින්නේ නැත. දකින්නට ඇස් නැත.
ප්‍රචාරය කෙසේ වෙතත් මේ ගැන ජනතාව දැනුවත් කිරීම වැදගත්. මෑතකදී මෙම යෝජනාව ගැන හරියට නොදන්නා බව පෙන්වමින් එක්තරා පාසැලක ආදි ශිෂ්‍ය සංගමයක් විරෝධතාවක් පවා කළා.
දවසකට රටේ ජීවිත ගානක් රිය අනතුරු වලින් නැති වෙනවා. රිය අනතුරු අඩු කරන්න ප්‍රචාරණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.
රටේ අධ්‍යාපනයේ සහ අනෙකුත් සෑම අංශවලම ඉතා විශාල දියුණුවක් ලබා, මහ ජනයාද කිසිදු ප්‍රශ්නයක් නොමැතිව සතුටින් සිටින අවධියක වියදම් කිරීමට වෙනත් කාරණයකුත් නැත්නම් මේවා කලා කියලා ඇයි කලබල වෙන්නේ...