බිඟුන් මේනක ගමගේ
අඩු අදායම් ලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් සඳහා මුල්‍යාධාර ලබාඅදීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 495ක් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
ලබන මාස තුන සඳහා රුපියල් කෝටි 99ක් සහ 2019 වසර සඳහා රුපියල් කෝටි 369ක් ලෙස මෙම මුදල් වෙන් කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් ලක්ෂ 19කට ආසන්න සංඛ්‍යාවක් ආර්ථික වශයෙන් අක්‍රීය තත්ත්වයේ පසුවන බවත් එය සමස්ත වැඩිහිටියන්ගෙන් 74%ක් පමණ වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ වනවිටත් වැඩිහිටියන් 4 17 000ක් වෙනුවෙන් රුපියල් කෝටි 83කට වැඩි මුදලක් සහ අබාධිත තැනැත්තන් 32 000ක් වෙනුවෙන් රුපියල් කෝටි 9කට වැඩි මුදලක් ද වකුගඩු රෝගීන් 24 000ක් සඳහා මාසිකව රුපියල් කෝටි 12ක් ද රජය විසින් වෙන් කරනු ලබන බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර 2000 දීමනාවෙන් උලාකාපු 100 ඒක ආපහු දෙන්නේ කවදද
ඒ කියන්නේ අසරණ වැඩිහිටියෙකුට රුපියල් 1990 යි, ආබාධිතයෙකුට 2813 යි. වකුගඩු රෝගියෙකුට රුපියල් 5000/-…කිසිම ආණ්ඩුවකින් මේ අසරණයන්ට ස්ථිර පිලියමක් දීල නැහැ...දෙමව්පියන්ව රැකබලා නොගන්න දරුවන්ට නීතියෙන් ක්‍රියා කර ඉහළ දඩ මුදලක් අය කල යුතුය. දරුවන් නොමැති වැඩිහිටියන් රජයෙන් රැක බලාගත යුතුය. අයකරගන්නා දඩ මුදල්ද ඇතුළුව සියලු මුදල් රජයේ වැඩිහිටි නිවාසය පවත්වාගෙන යාමටත් , අබාධිත තැනැත්තන් හා වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කළහොත් අබාධිත තැනැත්තන් හා වකුගඩු රෝගීන්ට ජීවත් වීමට හා ඖෂධ සදහා අඩුම තරමින් රුපියල් 50000/- වත් දිය හැකිය.