IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


අපි කවුරු ද

ගීවිනිස

 


 

මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ ⁣නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය.මෙි වූකලී මිනිසාගේ පුද්ගල අනන්‍යතාව ප්‍රශ්න කරන සුදුර්ලභ ගීමිණකි.සේනක බටගොඩයෝ මෙරට සිටි සුදුර්ලභ වාග්ගේයකරුවෙක් වූහ.මෙනයින් ඔවුහු කණ්ඩායම් සංගීතයේ නව නැම්මක් ඇති කරමින් ජනප්‍රිය ගීත ගණනාවක් ම නිර්මාණය කළහ.සිහින දකින්නැති අහස උසට,අපි සැනසිල්ලේ, රස්තා,රෑ අහසේ තරු තිබුණට වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් බටගොඩයෝ ගායනා කළෝය.ඒ අතරින් වඩාත් ජනප්‍රිය වූයේ අපි කවුරුද නමැති ගීතය බව අපි කවුරුත් දනිමුු.එහෙත් සේනක බටගොඩයන්ගේ  නිර්මාණ තුළ මතුපිටින් පෙනෙන සැහැල්ලුව,සරල සුගම බවට ඔබ්බෙන් කිසියම් ජීවන යථාර්ථයක් සැඟවී තිබිණි.

ජීවිතයේ පැවැත්ම සහ ශූන්‍යතාව  ඔවුහු නිරතුරු විමැසුමට ලක් කළහ.මෙනයින් බලන කල බටගොඩයෝ සාංදෘෂ්ටිකවාදියෙක් ද වෙති.සාංදෘෂ්ටිකවාදය යනු කිම? බටහිර චින්තනය ගොඩනැගීමෙි දී සාංදෘෂ්ටිකවාදය ( Existentialism) යන වචනය  මුලින්ම ඇසෙන්නේ දෙවැනි ලෝක යුද්ධයට පසුවය.මිනිසාගේ පැවැත්ම හා සාරය පිළිබඳ මෙයින් විග්‍රහ කෙරේ.

සාංදෘෂ්ටිකවාදීන්ගේ චින්තනයට අනුව මිහිමත අනෙක් සියලු පැවැත්මෙන් මිනිසා වෙනස් වන්නේ ඔහුට හෝ ඇයට තමන් කැමති දෙයක් කිරිමට ඇති නිදහස අනුවය. අපට කිරීමට නිදහසක් නැති එකම දෙය නම් නිදහස් නොවී සිටමට තීරණය කිරීමය. කන්දකට, කුඩා පිහියකට හෝ කුරුමිණියෙකුට සොබාදහමින් ඒවාට උරුම වුණු ස්වභාවයක් ඇත. නමුත් මිනිසා කවුරුන්දැයි යන්නට නියමිත ආකෘතියක් නැත. මා නමැති පුද්ගලයා මත ජීව විද්‍යාත්මක, සංස්කෘතික වටාපිටාව තුළින් බලපෑම් එල්ල විය හැකි නමුත් මා කවුරුන්ද යන්න තීරණය වන්නේ මම කරන්නේ කුමක්ද යන්න ගැන මා කරන තෝරාගැනීම් මත නො වෙි ද?ප්‍රංශයේ ජීවත් වූ විශිෂ්ට සාහිත්‍යධරයකු සහ සාංදෘෂ්ටිකවාදී විචාරකයකු වන ෂොන් පෝල් සාත්‍රෙ කියන ආකාරයට මිනිසා  වහල්භාවයට ඇද දමන කිසිදු පෙර ඇදී මාවතක් නැත.ඔහුගේ මාවත නිරතුරවම සොයා ගන්නේ ඔහුම විසිනි. එය සොයා යාමට නම් ඔහු නිදහස්, වගකීම් සහිත නිදහසට කාරණා ඉදිරිපත් නොකරන්නෙකු විය යුතුය. එවිට ඔහුගේ සියලු අපේක්ෂාවන් ඔහු අණසක යටතට පත්වෙයි. සා⁣ත්‍රෙගේ යටකී ප්‍රකාශය නිවැරැදිය.මිනිසා කවුරුන් දැයි තහවුරු වන්නේ ඔහු කරන කියන දේවල් අනුවය.

සේනක බටගොඩයන්ගේ ගීතවල නිතර නින්නාද දෙන්නේ  මෙකී යථාර්ථය නො වෙි ද? තතු කෙසේ වූව ද අපි කවුරුද ගීතයෙන් සේනක බටගොඩයෝ මෙරට ළමා තරුණ මහලු කා අතරත් ජනප්‍රිය වූහ.මෙනයින් සේනක බටගොඩ යනු ජන නියමු රොක් කලාකරුවෙකි( Folk rock artist ) යැයි කීමද අතිශයෝක්තියක් නොවෙි.තතු එසේ හෙයින් "අපි කවුරුද "මෙරට තරුණ තරුණියන්ගේ පුරවැසි හැඳුනුම්පත සෙවීමෙි ගීතය බවට පත්වී තිබෙි.එහෙත් ඔවුහු  ⁣පොප් රජු ක්ලැරන්ස් විජේවර්ධන හෝ රූකාන්ත ගුණතිලක තරම් ජනප්‍රිය නොවූහ.ක්ලැරන්ස් සහ රූකාන්ත ලියූ -  ගැයු - වැයූ ගීත හුඟකි. සේනක බටගොඩයන් ලියූ - ගැයූ - වැයූ ගීත සුඟකි. ඔවුහු  තිදෙනාම වාග්ගේයකරුවෝය.ගායකයකුට ජනප්‍රිය වීමට ගීත දහසක් ඇවැසි නැත.ඒ සඳහා එක ගීතයක් වූව ද සෑහේ."අපි කවුරුද?" ගීතයෙන් සේනක එය ඔප්පු කර ඇත.


සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුළේ නළියන පෙණ කැටි වාගේ
නැතිවෑ
හුදෙකලාවෙ තනි වී සිටියම
සිහින ආකරේක වැටුණා වාගේ
නිමක් නෑ

මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනව කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනව මේ අපි කවුරු ද
ගීයකි ලොව සිතුවම් කළ
අතරේ අහනව බලනව මේ අපි කවුරු ද

ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී
සුළඟ සේ


ගායනය: සේනක බටගොඩ
ගේයපද : සේනක බටගොඩ
සංගීතය: සේනක බටගොඩ

 

 



අදහස් (0)

අපි කවුරු ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1499 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1334 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 476 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site