IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සතා සිවුපාවාත් පරිසරයත් වනසන නරුම අමනයෝ

කඳුකරයේ මදු ගසා මරා දත්, නිය, හම් ඇතුළු කොටස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන බව පරිසරවේදීන් ප්‍රකාශ කළ බවට සඳහන් පුවතක් අප පුවත්පත් ඉකුත් ද‌ා වාර්තා කළේය. මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතින බවත් මදු ගසා කොටි මැරීමේ සිදුවීම් ගණනාවක් ඉකුත් සමයේ වාර්තා වූ බවත් පරිසරවේදියකු හා සත්ව සංරක්ෂකයකු වන රුක්ෂාන් ජයවර්ධන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණ. ඒ අතර ඔහු වැඩිදුරටත් පවසන්නේ වාර්තා නොවී හොර රහසේ සිදුවන දඩයම් ද ඉහළ ගොස් ඇති බවය.

 ගහකොළ, සතා සීපාවා පිරිවැරූ පරිසර පද්ධතියට ආදරය කිරීම එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම මනුෂ්‍යත්වයේ මූලික පදනමට අයත්ය. එහෙත් රුපියල් ශතවලින් දෑස් නිලංකාර කරගත් අමනයන්ට පරිසර පද්ධතිය ද තවත් එක් වෙළඳ භාණ්ඩයක් පමණි. එහෙයින් රට සතු මහරු සම්පත් ඔවුහු ඉවක් බවක් නැතිව විනාශ කර දමති. මදු ගසා කඳුකරයේ කොටි මරා, දත්, නිය, හම් ඇතුළු කොටස් අලෙවි කරන්නෝ එසේ හිත් පිත් නැති නරුමයෝ වෙති.

 වනජීවී දෙපාර්තමේන්තුව ශ්‍රීපාද රක්ෂිතයේ රහස් කැමරාවක් අටවා තිබූ අතර එහි රූපගත වූ කොටියෙක් රටම මවිතයට පත් කළේය. කැමරාවේ සටහන්ව තිබුණේ ලොවෙන්ම වඳවී ඇතැයි සැලකුණු දුර්ලභ කළු කොටියෙකි. ලොවෙන්ම වඳ වී ගොස් ඇතැයි සැලකෙන මෙම කළු කොටි විශේෂය ලංකාවේ සිටින බළල් පවුලේ සුවිශේෂම සත්ව කොටසක් ලෙස සැලකුණි. සම මත ඇතිකරන මෙලනින් නම් වර්ණකාරකයේ බලපෑමෙන් මෙම කොටි විශේෂයේ සමේ සහ රෝම කූපයන්ගේ අධික හෝ ලා කළු වර්ණයක් පිහිටනු ලබයි. මෙම දුර්ලභ කළු කොටියා ලෝකයෙන්ම වඳ වී ගියැයි පැවසුණ ද වන ජීවීයේ රහස් කැමරාවේ මෙම කළු කොටියා සටහන් වීමත් සමග මෙම කළු කොටි විශේෂයට විශේෂ ප්‍රසිද්ධියක් ලැබිණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ශ්‍රීපාද රක්ෂිතයේ අටවා තිබූ මද්දකට මෙම දුර්ලභ කළු කොටියා හසුවීමය. වනජීවී දෙපාර්තමේන්තුව මෙම දුර්ලභ කළු කොටියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරුව ද මිනිසුන්ගේ කුරිරුකම්වලට ශාප කරමින් කළු කොටියා මිය ගියේය. රට සැරසූ මහරු සම්පතක් රටට අහිමි වී ගියේ එසේය.

කොත්මලේ හෙල්බොට වතුයායේ පුදුකාඩ් ප්‍රදේශයේ අටවා තිබූ මදු දෙකකට හසු වී සිටි කොටි දෙදෙනකු සොයා ගැනුණු අතර එක් කොටියෙක් මිය ගොස් තිබිණි. අනෙක් කොටියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී නිලධාරින් රැගෙන ගිය බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

මදුවලට කොටි හසුවීම අහම්බයක් නොවේ. එය සිදුවන්නේ ජාවාරම්කාර නොමිනිසුන්ගේ ක්‍රියා හේතුවෙනි. කොටි දත්, කොටි නිය, කොටි සම පැළඳ සිටීමෙන් වාසනාව උද‌ාවන්නේ යැයි ඇතැමුන් තුළ ඇති මිථ්‍යා විශ්වාස රටට හිමි දුර්ලභ සම්පත් අහිමි කරමින් තිබේ. කොත්මලේ ප්‍රදේශයේ මදු දෙකකට හසු වී සිටියේ පැන්තරා පාදුස් වර්ගයට අයත් කොටි විශේෂයකි. සංචාරක ආකර්ෂණය ඉහළින්ම ඇති කිරීමට සමත් මෙම දුර්ලභ සම්පත් ආරක්ෂා කිරීම වෙනුවට විනාශ කිරීම ජාතික අපරාධයකි.
 වන සංහාරය ඉහළ යාමත් සමග වනසතුන්ගේ වාස භූමි ඉතා කුඩා වී තිබේ. එහෙයින් ජනාවාසවල ආසන්නයටම   ඒමට වනසතුන්ට සිදු වී තිබේ. එය ජන ජීවිතයට තර්ජනයකි. බොහෝ විට මිනිසුන් ගොවිබිම් ලෙස තෝරා ගන්නේ ද වනසතුන්ට අයත් වාස භූමි වේ. අලි මිනිස් ගැටුම් මෙන්ම කොටි - මිනිස් ගැටුමට ද එය හේතුවකි.

අලි මිනිස් ගැටුමට මෙන්ම කොටි මිනිස් ගැටුමට ද පිළිතුර අලින් මරා දැමීම නොවේ. කොටින් මරා දැමීම ද නොවේ. මෙම ප්‍රශ්නයට කල්පවත්නා විසඳුම් සෙවිය යුතුය. මෙම ප්‍රශ්නයට ඇත්තේ ශිෂ්ටාචාරගත පිළිතුරකි. එම ශිෂ්ටාචාර පිළිතුර සොයා ගැනීමට මිනිසා ශිෂ්ට විය යුතුය. අශිෂ්ට අවිචාර මිනිසුන්ට කළ හැකි වන්නේ රට සරසන සම්පත් විනාශ කිරීමට පමණි.

 මිනිසා හා දඩයම අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. ප්‍රාග් ඓතිහාසික මිනිසා ජීවත් වූයේ දඩයමෙනි. ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් මෙන්ම ජීවන රිද්මය ද දඩයම හා සම්බන්ධ විය. එහෙත් මිනිසා ශිෂ්ටත්වයට පත්වීමත් සමග දඩයම අත හැරියේය. එහෙත් විවිධ මිථ්‍යා මතවල එල්බගත් නරුමයෝ ද විකෘති ආශාවලින් පිරීගත් අමනයෝ ද රුපියල් ශතවලින් දෑස් නිලංකාර කරගත් දුර්ජනයෝ ද තවමත් දඩයමේ යති. මේ දඩබල්ලන් අල්ලා ගස් බැඳිය යුතුය. එයට දැනුත් කල්යල් හරිය.



අදහස් (6)

සතා සිවුපාවාත් පරිසරයත් වනසන නරුම අමනයෝ

Raveendra Friday, 26 June 2020 10:17 AM

කතුවැකියෙහි සඳහන් ඉතා වටිනා අදහස් හදවතින් අගයන්නෙමු. අවාසනාවකට ඒ ඒ අදාළ ආයතනවල ඉහළ සිට පහළට වෙනකම් නිලධාරීන් උගත්කම වැඩි නිසාදෝ නැතහොත් පින්ගුත්තරයන් පිරිසකි.. පරිසරයට ආදරය කිරීම සතා සිව්පාවට ආදරය කිරීම සතුන්ටත් ජීවත්වීමේ අයිතිය පිළිබඳව අපගේ මනසට ඇතුළු වුනේ, ඇතුළු කලේ අප කුඩා අවධියේ අපගේ ගුරුතුමියන් විසින්ය. මාගේ මතකයේ හැටියට (මා වැරදි නම් සමාවන්න) පළමු පන්තියේ හෝ දෙවන පන්තියේ සිංහල පොතේ තිබුණු පහත සඳහන් එම කවි පන්තියේ පද කීපයක් මතකය අවදි කිරීමට ලියා දන්වන්නෙමු.." පුංචි අපට සිරි සැපදෙයි ශ්‍රී ලංකා දීපේ //පාන්දරම එහෙන් මෙහෙන් ඇසෙයි කුරුළු ගිතේ// ඕලු නෙලුම් පිපි වැනෙයි පිපිලා වැව් ගානේ// මෙම කවි පන්තිය අපගේ ගුරුතුමිය ඉතාමත් ලයාන්විත ලෙස ගායනා කිරීමෙන් සහ විස්තර කිරීමෙන් අපගේ මනසට අදටත් පරිසරය, සතා සිව්පාවා පිළිබඳව ඇත්තේ පුදුමාකාර ආදරයකි. මෙම අදහස් විෂය නිර්දේශ සකසන අධ්‍යාපනය කෙළ පැමිණි අයටත් කියවීමට හැකිවේවා...!!

:       0       168

rambo007Saturday, 27 June 2020 07:48 AM

අපිට දැන්, නීතිගරුක, අවිහිංසාවාදී, රටට, ජාතියට, පරිසරයට, ගරුකරන රජයක් අවශ්‍යයි.

:       0       6

සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 June 2020 11:03 AM

සිංහල, දෙමළ හා මුස්ලිම් යන ත්‍රිවිධ වර්ගයේම මස් වැද්දන් රටේ සිටින අහිංසක වන සතුන් දඩයම් කිරීමට පුරුදුව සිටිනා බව පෙනේ. ගෝනා, මුවා ආදී වශයෙන් වන සතුන් මොවුන්ගේ රැකියාවට හා ජහරිබඩ වෙනුවෙන් දිවි පුදනු පෙනේ... ගෝනා, මුවා, කොටියා ආදී සතුන් මස්, හම්, අං හා දත් සඳහා මරාදැමීම කරයි. හක්ක පටස්, විදුලි උගුල් හා තුවක්කු මේ සඳහා ගනී. උෟරන් මැරීමට අපූරු ක්‍රමයක් ඇත. බයින්ඩින් කම්බි දැලක් වියා එය කෙක්කක් මගින් විදුලි කම්බි හා සම්බන්ධකර තබයි. ඌරන් රෑන එහි මැද ඇති ආහාර ටික දැක දැලට ගොඩවෙනවා පමණි. විදුලි කම්බි හා බයින්ඩින් කම්බි අතර ඇතිවන වෙනස් විභවාන්තරනය නිසා කම්බි දාළා මහා ගිනි ජාලාවක් බවට පත්වී සියළුම සතුන් මැරී පිළිස්සී යයි. ඒ්විට, ඌරන්ගේ ලෝම පිච්චීමට උවමනා නොවේ. හම, අං අවශ්‍ය සතුන්ට මේ ක්‍රමය යොදනු නොපෙනේ. ඉත්තෑවා සිටින ගුල් සොයාගොස්, මිරිස් දුම් අල්ලා එම සතා එළියට ගනී. එළියට එනවිට උල්වලින් ඇන සතුන් මරාගනියි. වෙඩිතබාද, උගුල් අටවාද මේ සතුන් මරයි. කබල්ලෑවා මරණුයේ හිස පොඩිවනසේ උඩින් ගල් හෝ බර තබන උගුල් වලිනි. හාවා බොරුවලවල් වල දමා මරා ගනියි. තලගොයා වෙඩිතබා හෝ යකඩයකින් හිස පොඩිකර මරා ගනියි.

:       0       127

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 27 June 2020 02:28 AM

වනජීවී අංශවල අවධානය යොමුවිය යුතු දෙයක් පෙන්වා දෙන්නෙමු. සිංහරාජ වනයේ සිට මොරවක, දෙනියාය හා අවට පෙදෙස්වල ඇති වන කලාප හා තේවතූවලට වනසතුන් බොහෝවිට පැමිණේ. බොහෝවිට එම සතුන් එන්නේ තම අවසන් ගමන බව ඔවුන් දන්නේ නැහැ. මොරවක එගොඩහ ප්‍රදේශවල පොල්ගහකන්ද, අළුවන ඇතුළු බොහෝ ප්‍රදේශවල මෙසේ වන සත්ව දඩයමට කිසිඳු බාධාවක් නැත. කඳුවල අනවසරයෙන් තේ වවාගෙන හොඳින් දිවි ගෙවන මිනිසුන් දඩමස් රුසියෝය. ඉබ්බන් අල්ලා මරණුයේ ඉතාම මලෙච්ඡ අයුරිනි. සතා උඩු අතට හරවා ලිප්‍ගල් තුනක් උඩ තබා යටින් ගින්දර දමයි.එසේ කරනුයේ, සතාගේ තෙල් දියවී සියළුම මස්ටික කටුවෙන් වෙන්කිරීමටය. පවත්නා නීතියෙන් දඬුවම් හිමි නොවුණත්, විටින්විට සොබාදහම මගින් මොවුන්ට දඬුවම් ලැබෙන්නේය. එහෙත්, පව්කාරයින් අතර සිටින හොඳ මිනිසුන්ද ඉන් වැනසෙයි.

:       0       65

kusal02Saturday, 27 June 2020 07:52 AM

නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵල... බෞද්ධාගමත් නැති රටක්...

:       0       40

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 27 June 2020 10:28 AM

ස්තූතියි ! කුසල් මහතා,ඔයා නිවැරදියි ...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 279 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 163 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 413 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 529 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 154 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 46 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 250 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1100 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site