සංස්ථා පාඩු ජනතා කරපිට පැටවීමේ විපාක
දින කිහිපයකට පෙර ශ්රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීමට සමාගම් වැඩි ගණනකට අවසරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බව අපට අසන්නට ලැබිණි. ඒ අනුව ඉන්ධන ආනයනය කිරීමට කැමැති කොම්පැනිවලට එසේ ආනයනය කොට දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඉඩ සැලසේ. මූලධර්මයක් ලෙස ගත් විට විවිධ සමාගම් දේශීය වෙළෙඳපොළට පිවිසීම ඔස්සේ, වෙළෙඳපොළ මිල, ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව අතින් ඒ තුළ තරගකාරී බව වර්ධනය වේ.