IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇස් පරීක්ෂාවෙන් ඩිමෙන්ෂියාව හඳුනාගැනේ

(නිසංකා සන්දීපනී)

ඩිමෙන්ෂියා රෝගය යනු මැදි වියට පත් වීමත් සමඟ ඇතිවන අමතක වීමේ රෝගී තත්ත්වයකි.


මෙය බොහෝ දෙනෙක් අමතක වීමේ රෝගය ලෙස හඳුනාගත්ත ද අමතක වීම යනු ඩිමෙන්ෂියා රෝගී තත්වයේ බලපෑමෙන් ඇති වන එක් අවධියක් පමණි. කෙසේ වුවත් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයන්ට ගොදුරු වී සිටින පුද්ගලයින්ට වැදගත් වන සොයාගැනීමක් කිරීමට පෙනිසිල්වේනියාවේ පර්යේෂකයින් පිරිසකට හැකිවිය.

ඒ  ඩිමෙන්ෂියා රෝගයේ මුල් ලක්ෂණ ඉතා ඉක්මනින් හඳුනාගත හැකි දෘෂ්ටි විතාන පරීක්ෂණයයි.
මෙය සිදු වන්නේ මොලයේ යම් කිසි කොටසක සෛල විනාශ වීම නිසා එම සෛල වලින් පාලනය වන විවිධ කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි වීමෙන් පුද්ගලයා ව්‍යාකූල තත්ත්වයකට පත්වීමය.

එම ව්‍යාකූල තත්ත්වය තුළ මූලිකවම දක්නට ලැබෙන තත්ත්වයක් වන අමතක වීම හේතුවෙන් අමතක වීමේ රෝගය ලෙස මෙම රෝගී තත්ත්වය හැඳින්වීමට බොහෝ දෙනෙක් පෙළඹී තිබේ.

ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයන් වල දක්නට ලැබෙන එක් තත්ත්වයක් වන මොළයේ ඉදිරි සෛල වලට හානි සිදුවීමෙන් ඇතිවන ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ත්‍ඔෘ (ත්‍රදබඑද ඔැපචදර්ක ෘැපැබඑස්) යනුවෙන් හඳුන්වනු ලැබේ.

ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් 2% පමණ මෙම රෝගී තත්ත්වය ඇතිවේ.

එහිදී පෞරුෂත්වය පිළිබඳ ගැටළු, භාෂාව සමඟ හැසිරීම්වල වෙනස්වීම් මෙන්ම මානසික හැකියාවන්වල සහ මතකය සම්බන්ධ ගැටළු ද ඇතිවේ.

එසේම මාංශ පේශීවල දුර්වලතාවන් මෙන්ම ගිලීමේ අපහසුතාවන් ඇති වීම ද සිදුවිය හැකිය.
කෙසේ වුවත් ඩිමෙන්ෂියා තත්වය හඳුනාගැනීමට තනි පරීක්ෂණයක් නොමැති වීම මෙම රෝගය වැළඳුණු තැනැත්තන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට හේතුවූ කරුණකි.

එම නිසා එම තත්වය බොහෝ විට ඇල්ෂෙයිමර් ඩිමෙන්ෂියා තත්වය ලෙස වැරදි ලෙස නිගමනය කළ අවස්ථාද කොතෙකුත් තිබේ.

ඇල්ෂෙයිමර් ඩිමෙන්ෂියා තත්ත්වය ඩිමෙන්ෂියා රෝග අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වය වන අතර එහිදී කෙටි කාලීන මතකය ගිලිහී යාම හේතුවෙන් දෛනික කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිවේ.

අමතක වීමේ රෝගය ලෙස ඩිමෙන්ෂියා රෝග තත්වයන් බොහෝ විට හඳුන්වන්නේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්ව අතරින් බහුලව දැකිය හැක්කේ මෙම ඇල්ෂෙයිමර් වන බැවිනි.  

දැනට ඩිමෙන්ෂියා රෝග විනිශ්චය කරනු ලබන්නේ රෝග ලක්ෂණ සහ මානසික හැකියාවන් තක්සේරු කිරීම මතය.මොලයේ සෛලවල සිදුවන වෙනස්කම් හේතුවෙන් හටගන්නා ඩිමෙන්ෂියාව, දෘෂ්ටි විතානයේ ඇති සංවේදී සෛල පරීක්ෂාවෙන් කල්තියාම හඳුනා ගත හැකිය.

(ඩේලිමේල් අනුග්‍රහයෙනි)



අදහස් (0)

ඇස් පරීක්ෂාවෙන් ඩිමෙන්ෂියාව හඳුනාගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site