IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ෆේස්බුක් වීරයාගේ හුළං බැහැලා ජරමරේ

ආයතනයට අලු‍තින් පත්ව පැමිණි ආයතන ප්‍රධානියා නිසා මුහුණූ පොතේ සිදුකළ රඟපෑම්වලට සමු දීමට සිදු වූ සේවකයෙකු සම්බන්ධ පුවතක් මහනුවරට නුදුරු දුම්බර ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා රජයට සම්බන්ධ ආයතනයක සේවය කළ අයෙකි. මොහු නිරන්තරයෙන් මුහුණු පොතේ තුළ සැරිසරන අයෙකි. මුහුණු පොත තුළ පළවන විවිධ පොස්ටු, විඩීයෝ සඳහා තම නිදහස් අදහස් පළ කරමින් ඒ තුළ ජනප්‍රියතාවක් මෙන්ම වීරවරයකු ලෙස ද හැසිරෙන අයෙකි.
තම මුහුණු පොතේ ගිණුම තුළ විවිධ ආකාරයේ මිතුරන් රැසක් ද සිටින අතර ඒ අතර ආයතනවල ප්‍රධානීහු ද රැසක් ද වූහ.
මේ අතර ඔහු සේවය කළ ආයතනයේ ප්‍රධානියා හදිසියේ වෙනත් ආයතනයකට ස්ථාන මාරු වී ගිය අතර ඔහුගේ මුහුණු පොතේ මිතුරකු වූ අයෙක් ආයතන ප්‍රධානියා ලෙස පත්ව පැමිණියේය.
මේ හේතුවෙන් අදාළ පුද්ගලයාට මුහුණු පොත තුළ සිදු කරගෙන පැමිණි රඟපෑම් සඳහා යම් තහංචියක් පනවා ගැනීමට සිදු විය. ඒ තම අලු‍ත් ආයතන ප්‍රධානියා  ද මුහුණු පොත තුළ සැරි සැරීම නිසාය.
වෙනදා මෙන් තමන් මුහුණු පොත තුළ නොසීටීම සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන්  විසින් විටින් විට තොරතුරු විමසන්නට වූ අතර, ඒ සඳහා පිළිතුරු ලෙස සිදුවී ඇති දේ පැවසුවේ දුක් අඳෝනාවක් ලෙසිනි.
ඔහුගේ අඳෝනාව ඇසු ඔහුගේ මිතුරන් ‘ෆෙස්බුක් වීරයාගේ’ හුළං බැහැලා යන්න මිතුරන් අතර වැඩි කලක් යන්නට මත්තෙන් ප්‍රසිද්ධ වන්නට විය.

කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ

 



අදහස් (0)

ෆේස්බුක් වීරයාගේ හුළං බැහැලා ජරමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 654 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 663 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 728 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 949 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 540 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 895 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1188 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site