IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සෞන්දර්යයට ගිය ගුරුවරියෝ නිවාස අඩස්සියේ

ජීවිතේ කවදාවත්ම අමතක නොවන පාඩමක් ආරක්ෂක නිලධාරියකුගෙන් ඉගෙන ගත් ගුරුවරියන් දෙතුන් දෙනෙකු පිළිබද අපූරු කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.
මේ විදුහලේ සෞන්දර්ය ඒකකය පවත්වාගෙන ගියේ වෙනම ගොඩනැගිල්ලකය. එය තට්ටු කිහිපයකින් සමන්විතය. සංගීතය වැනි සෞන්දර්ය විෂයන් ඉගැන් වුණේ ඉහළ මාලවලය. ඒ නිසා එම විෂයයන් උගන් වන ගුරුවරියන් වැඩියෙන්ම ගැවසුණේ ද එම මහල වලය.
එදා සිකුරාදා දිනයකි. එදින පාසල් කාලය අහවරය. ගුරුන්, සිසුන් ඇතුලු‍ සියලු‍ දෙනාම නිවෙස් කරා ගොසිනි. ආරක්ෂක නිලධාරියා පාසල වටා රවුමක් ගියේ අමතකවීමකින් නොවසා ගිය පන්ති කාමර සහ ගොඩනැගිලි වසා දැමීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුහලේ සෞන්දර්ය ඒකකයට ඇතුළුවීමට තිබූ පළමු මහලේ දොර වසා නොතිබිණි. යතුර ද දොර කටේය. එය දුටු ආරක්ෂක නිලධාරියා එදින  එය භාවිත කළ ගුරුවරුන්ට හා සිසුන්ට සිතෙන් බැන බැන එහි දොර වසා දමා  යතුර සිය ආරක්ෂක නිලධාරී කුටියට ගෙන ගියේය. සිය දවසේ රාජකාරිය නිම කළ ආරක්ෂක නිලධාරියා දවාලට කෑම කා විවේකයෙන් සිටියේය.
එදා එම විදුහලේ සෞන්දර්ය ඒකකයේ ගුරුවරියන් කිහිප දෙනෙකු සෞන්දර්ය ඒකකයේ උඩ මහලවල  විනාඩි කිහිපයක් රැඳී සිටියේ අවශ්‍යතාවන්ටය. එම කාර්යයන් නිමවී ඔවුන් පහත මාලයට පැමිණියේ නිවෙස් කරා යාමටය. ඔවුන්ට දෙවියන් බුදුන් සිහිවූයේ පළමු මහලයේ දොර වසා දමා දොරේ යතුරත් රැගෙන ගොස් ඇති අයුරු දැකීමෙනි.
කරන්නට කිසිම දෙයක් නැත. ආරක්ෂක නිලධාරියා පේනතෙක් මානයේ නැත. මේ ගුරුවරියන් පිරිස ආරක්ෂක නිලධාරියාට මහ හයියෙන් කතා කළහ. විදුහලේ ප්‍රධාන ගේට්ටුවේ කුටියේ ඉන්න ආරක්ෂක නිලධාරියාට ඔවුනගේ ඒ හඩ ප්‍රමාණවත් නොවීය. ඒ එක්කම ගුරුවරියන්ගේ හිස් ගිනි ගෙන තිබිණි. දැන් මෙතනින් යන හැටි කුස ගින්නේ සිටි ඔවුහු කල්පනා කළහ.
එක ගුරුවරියක් ළග තිබූ ජංගම දුරකතනයෙන් හතර වටේටම කතා කළේ ආරක්ෂක නිලධාරියාට තමන් සිටි නිවාස අඩස්සියෙන් මුදවා ගැනීමටය. මේ ක්‍රියාන්විතයට බොහෝ වෙලාවක් ගතවී තිබිණ. යම් හෙයකින් මේ පිරිස ළඟ ජංගම දුරකතනයක් නොතිබුණේ නම් හෝ තිබුණු ජංගම දුරකතනවල බැටරි බැස තිබුණේ නම් මේ අයට සෞන්දර්ය ඒකක නිවාස අඩස්සියෙන් නිදහස් වන්නට වන්නේ සඳුදා උදේය. එසේ වූවානම් මේ සිද්ධිය වාර්තා වනුයේ මොන ආකාරයකින් දැයි කිව නොහැකි බව මේ සිදුවීම දත් බොහෝ අය කීහ.

කරන්දෙණිය  එම්.සුසිල් පියන්

 



අදහස් (0)

සෞන්දර්යයට ගිය ගුරුවරියෝ නිවාස අඩස්සියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 654 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 662 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 728 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 949 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 540 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 894 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1186 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site