හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
අසනීප තත්ත්වයක් හේතුවෙන් සැහැල්ලු රාජකාරිවල යොදවා සිටි සේවකයකු උදෑසන හමුවූ අවස්ථාවේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු කොහොමදැයි විමසද්දි සේවකයා දුන් පිළිතුර අනුව සුපුරුදු බර වැඩ රාජකාරියට යෙදවීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
හදිසි අනතුරකට මුහුණපෑම හේතුවෙන් අසනීප වූ සේවකයකු සිය ආයතනයේ ඇති සැහැල්ලු රාජකාරින් සඳහා යෙදවීමට පාලන අධිකාරිය කටයුතු කළේය. දිවා රාත්‍රී ලෙස සේවා මුර ක්‍රම දෙකක් මෙම ආයතනය තුළ ක්‍රියාත්මක වුවද අසනීප තත්ත්වය නිසා මෙම සේවකයාට දිවා කාලයේ පමණක් රාජකාරි පැවැරුණේය.
දක්ෂ සේවකයකු වූ ඔහු අසනීප වීමට පෙර යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස දැඩි කැපවීමකින් සිය අයතනය වෙනුවෙන් සේවය කළේය. දිවා සේවා මුරය ආරම්භ වීමට විනාඩි තිහකට පෙර ආයතනයට පැමිණීම පුරුද්දක් ලෙස ඔහුගේ දින චර්යාවට එකතු වී තිබුණි. ආයතනය තුළ හමුවන සියලු දෙනාටම සුබ උදෑසනක් යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ද ඔහුගේ පුරුද්දක් වී තිබුණි.
පසුගිය දිනක උදෑසනම සේවයට පැමිණි සේවකයා තම අංශය වෙත ගමන් කරමින් සිටිය දී මාණ්ඩලික නිලධාරියෙක් ඔහුගේ පෙර මගට පැමිණියේය. සුපුරුදු පරිදි සුබ උදෑසනක් සර් යැයි සිය මාණ්ඩලික නිලධාරියා ආමන්ත්‍රණය කිරීමට ඔහු අමතක නොකළේය. නිලධාරියා ද සුබ උදෑසනක් යනුවෙන් පවසා දැන් කොහොම ද යැයි විමසීය. හොඳින් ඉන්නවා සර් යනුවෙන් පවසා සේවකයා සිය වැඩ අංශය දෙසට ගමන් කළේය.
සති අන්තය නිමවී සඳුදා දින සේවය පැමිණි සේවකයාට තමන් නැවත යන්ත්‍ර ක්‍රියා කරවීමට යොදවා ඇති බවට සැලවීමෙන් පසු ඔහුට කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයක් ඇති විය. යන්ත්‍ර සූත්‍ර අංශයට පැමිණි තම පැරණි සගයා දුටු මිතුරන්ට සතුටක් මෙන්ම දැඩි කනගාටුවක් ද ඇති විය.
අසනීපය සුවවීමට පෙර නැවත බර වැඩට යෙදීම පිළිබඳ කතාව ආයතනය තුළ ලැව්ගින්නක් සේ පැතිර ගියේ දක්ෂ සේවකයකුට සැලකීම පිළිබඳව ඇති වූ කලකිරීම ද සමගය.
පැය කීපයක් ගතව යද්දී ආයතන ප්‍රධානියාට ද සිද්ධිය සැලවූ අතර ඔහු යක්ෂාරූඪ වී යන්ත්‍ර සූත්‍ර අංශයට ගියේය. සිද්ධිය පිළිබඳව විමසා බැලීමේ දී ආයතන ප්‍රධානියාට ද ඉබේටම සිනා ගියේය.
හොඳින් ඉන්නවා යැයි කීම නිසා එම මාණ්ඩලික නිලධාරියා සිදුකළ වැඩක් බව දැනගත් ප්‍රධානියා ඔහු එම ස්ථානයට කැඳවා සේවකයන් ඉදිරියේම ලුණු ඇඹුල් සහිත දේශනාවක් සිදුකළේය. මාණ්ඩලික නිලධාරියා සේවකයාගෙන් කොහොමදැයි කියා විමසා ඇත්තේ ඔහුගේ සුව දුක් දැන ගැනීමේ අරමුණෙන් බව ද හෙළි විය. එදින පටන් ඔබට කොහොමද වදන එම ආයතනයේ ජනප්‍රිය වූ අතර මාණ්ඩලික නිලධාරියාට වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ද ලැබුණු බව පැවසේ.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලොක්කෙකුට ගූඩ් මෝනින් කියා සේවකයාට බර අදින්න වෙලා