රොටී දන්සලක දී කතක තම නිවසේ සිටින වයෝවෘද්ධ මවට හා පුතුට රොටි දෙකක් ඉල්ලූ අවස්ථාවේ එහි සංවිධායකවරයකු කළ අමුතුම විදියේ ඉල්ලීමකින් කාන්තාව දැඩි අපහසුතාවට පත් වූ පුවතක් ශ්‍රීපුර පලුගස්වංගුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොසොන් පෝය නිමිති කරගෙන ප්‍රදේශයේ පැවැති දන්සල් අතරේ පලුගස්වංගුව ප්‍රදේශයේ රොටි දන්සලක් ද විය. ජනතාව පෝලිම්වල රැඳෙමින් දන්සලට සහභාගි වූයේ රොටි ලබා ගැනීමටය.
මේ අතර තරුණ මවක් ද තම යෙහෙළියන් සමග පෝලිමේ රැඳෙමින් තම අවස්ථාව ආ විගස දන්සලෙන් එක රොටියක් ලබා ගත්තාය. මේ අවස්ථාවේ තරුණ කාන්තාව ‘අනේ මට තව රොටී දෙකක් දෙන්නැයි ඉල්ලුවේ බැගෑපත් අයුරෙනි.
එහෙම රොටී දෙන්න බෑ.
ඒ මොහොතේ වහා ක්‍රියාත්මක වූ දන්සල් සංවිධායකවරයකු පැවැසුවේ තරමක් උස් හඬිනි.
තම නිවසේ සිටින වයෝවෘද්ධ මවට හා පුතුට අරන් යාමට රොටී දෙකක් දෙන ලෙස ඇය යළිත් ඉල්ලා සිටියාය.
එහෙනම් ග්‍රාම සේවකගෙන් පවුල් ලැයිස්තුව ඉල්ලා ඉදිරිපත් කරන්නැයි සංවිධායකවරයා සඳහන් කළේ කලින්ටත් වඩා උස් හඬිනි.
විශාල පිරිසක් ඉදිරිපිට සංවිධායකවරයා සිදුකළ ප්‍රකාශයත් සමග ලජ්ජාවට පත් කාන්තාව එතැනින් යෙහෙළියන් සමග ඉවත්ව ගොස් ඇති අතර පසුව හෝ රොටී දෙකක් එම තරුණ මවට දීමට තරම් සංවිධායකවරුන් සිත් පහළ නොවී ඇතැයි ද එහි පැමිණ සිටි ජනතාව කීහ.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රොටී දන්සලේ සංවිධායකයා කතකගෙන් අමුතු ඉල්ලීමක් කරලා
කිරි ආතා Thursday, 08 June 2023 03:10 PM
අපේ අම්මලා නම් අපිව ගෙදර දාලා දන්සැල් කන්න ගියේ නෑ අපේ හාමුදුරුවනේ. අනෙක මොනවා හරි කෑමක් හම්බ වුනත් ඒකත් නොකා ළමයින්ට අරගෙන ආවා. අපිත් ඒ ක්‍රමේටම හුරුවෙලා අපිට ලැබෙන දේවල් දරුවාට ගිහින් දෙනවා. කාලේ වෙනස්වෙලා තියෙන හැටි...!
pakeer Thursday, 08 June 2023 09:53 PM
නියම දන්සැල් ඕවා තමයි රට හැමතැනම තියෙන්නේ. මේ අය දන්නේ නැහැ දානයක් දෙන්න...
Walter H. White Saturday, 10 June 2023 08:31 AM
අපේ රටේ මිනිස්සු තමන්ට ලැබෙන පුංචිම හරි බලයක්, පොඩි නායකකම් සංවිධායකකම් තැන නොතැන බලා ඒවාහි බලය ප්‍රදර්ශනය කරලා තමාත් මහා ලොක්කෙක් බව ප්‍රදර්ශනය කරන්න හරි කැමතියි.