IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මහ රෑ පස්සෙන් එන පෙම්වතියට බියවූ පෙම්වතා පණ එපා කියා දුවලා

පෙම්වතා තම පෙම්වතියට බිය වී පණ එපා කියා දිවි බේරා ගැනීමට පලා ගිය පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ගැටවර වියේ පසුවන දෙදෙනා එකම ගමේ පදිංචි අය වෙති. කාලය ගෙවී යාමෙන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වූහ.
ගමේ අහුමුලුවල දී හමු වී පෙම්බස් දොඩන දෙදෙනාගේ ජවනිකාව පෙම්වතියගේ නිවසේ අයට එහෙන් මෙහෙන් දැන ගන්නට ලැබුණි.
එහෙත් ඒ බවක් පෙම්වතාගේ පාර්ශවයේ කිසිවකුත් දැන සිටියේ නැත.
දෙදෙනා දිනක් උදේම ගමනක් යාම සඳහා තනි තනියෙන් නිවෙස්වලින් පිටත් වූහ.
ඒ සඳහා දෙපාර්ශවයේ මිතුරන්ගේ ද සහයෝගය ලැබුණි.


අතර මගට ගිය දෙදෙනා හා නඩය එක්ව දවස විනෝදයෙන් ගත කළහ.
කෙසේ වෙතත් ගමේ තරුණ යුවළ නැතිවීම ගැන පෙම්වතාගේ පාර්ශවයේ අය විමසිල්ලෙන් සිටින බවට නඩයේ සිටි අයට ද දැන ගන්නට ලැබුණි.
එම දැන ගැනීම බාධාවක් කර නොගත් ඔවුන් රෑට රෑ වී නිවෙස් කරා පැමිණියහ.
පෙම්වතිය පළමුව ඇයගේ නිවස අසලින් ගිය වෑන් රියෙන් බැස්සාය.
ඊට යාබද දුරකින් පෙම්වතා ද බැස්සේය.
ඔහු එතැන් සිට මීටර් කිහිපයක් අතුරු මාවතක් දිගේ තම නිවස කරා තනියම ගමන් කළ යුතුවිය.
අලින් පැමිණෙන ප්‍රදේශයකි. පෙම්වතා කලුවරේ යනවා දුටු පෙම්වතියගේ මව ඔහුට රැගෙන යන්නට තම අත තිබු විදුලි පන්දම දෙන ලෙසට දැනුම් දුන්නාය.
එය ඇසු ඇය එක පයින් විදුලි පන්දම ගෙන එය දෙන්නට ඔහු පසු පස දිව ගියාය.
කිසිවකු හෝ රැක සිට තමා පසු පස පන්නා ගෙන එන බව වටහා ගත් පෙම්වතා පණ එපා කියා නිවසට යාම පසෙක තබා අවට ඇති කඳු ගැට පෙදෙසකට දිව ගියේය.
‘දුවන්න එපා කිය කියා පෙම්වතිය ද ඔහු පසු පස ලුහු බැන්දාය.’


කෙසේ හෝ දිව ගොස් කැලෑවේ සැඟවුණු  ඔහු පිටුපසින් පන්නාගෙන එන්නේ කවුදැයි කියා විපරම්  කර බැලුවේය.
ඒ තම පෙම්වතිය යැයි හඳුනාගෙන “ඇයි ඔයා ගෙදර ගියේ නැත්තේ. මං පස්සේ ඔයා එන බව දන්නේ නැතිවනේ මං පණ එපා කියල දිව්වේ. ඔයා කියලා දන්නවා නම් දුවන්නේ නැහැනේ” යැයි ඔහු පැවසීය.
“අපේ අම්මා ඔයාට කලුවරේ යන්න එපා කියලා විදුලි පන්දම දෙන්න කීවා. ඒක දෙන්නනේ මං පස්සෙන් දිව්වේ” ඇය කීවාය.
අවසානයේ බිය වූ තරම ගෙදර පෙනි පෙනී හැරෙන්නේ නැතිව දෙදෙනා කිලෝ මීටරයකට වැඩි දුරක් දිව ගොස් ඇති බව වටහා ගෙන  හිමින් සීරුවේ අන් අයට නොපෙනෙන ලෙසට අලි වෙසෙන පෙදෙස් අතරින් ගමන් කරන අතරවාරයේ විදුලි පන්දම දෙන්නට ගිය තම දියණියට වූ අකරතැබ්බය සොයන්නට ඇයගේ මව ඇතුළු තවත් පිරිසක් ඒ වන විටත් දිවගිය ඉසව්ව පීරන්නට පැමිණෙමින් සිටි නිසා එය පසුදා සිට පෙම්වතාගේ පවුලේ අයටත් දැන ගන්නට ලැබුණු බවත්, ඇති වූ ආරවුල විසඳා ගැනීමට නොහැකි තැන පෙම්වතා තම පවුලේ අයට අභියෝග කරමින් පෙම්වතියගේ නිවසේ බින්න බැස ගත් බවත් දැන ගන්නට ලැබුණි.

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (1)

මහ රෑ පස්සෙන් එන පෙම්වතියට බියවූ පෙම්වතා පණ එපා කියා දුවලා

Hemantha Monday, 28 August 2023 03:08 PM

කන්ද උඩරට කොහේද අනේ අලි ඉන්නේ...? මහියංගනේද? බින් තැන්න කියන්න එපැයි එහෙනම්... !

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 614 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 634 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 704 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 936 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 531 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 891 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site