IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


බමන මතින් යකා නටන සැමියාට ගෙදර බල්ලාගෙන් පාඩමක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
බමන මතින් නිවෙසට පැමිණ භාර්යාවට තඩිබාන සැමියකුගේ එම ක්‍රියා කලාපය බල්ලකු විසින්  සදහටම නතර කළ අපූරු පුවතක් ගාලු‍ දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ ගමකින් අසන්නට ලැබේ.
බඹර පදමින් බමන මතින් ඔහු නිවෙසට එන්නේ නිවෙසේ වලියක් හිස මත තබාගෙනමය. ඊට නිවස තුළින්ම හේතුවක් හදා ගැනීමට සොයමින්ය. එදාට භාර්යාව දඟලන්නේ ඔහුත් එක්ක නොඑල්ලෙන්නය. ඔහු බලන්නේම මොකක් හෝ අරභයා  එල්ලෙන්නමය. අතේ පයේ හයිය පෙන්නන්නමය.


එදාත් ඔහු නිවෙසට ආවේ බමන මතිනි. කෑම වේලාව නිසා භාර්යාව ඔහුගේ අතටම කෑම පිඟානත් ගෙනත් දුන්නාය. ගියේ ටික වේලාවකි. යකෝ කෝ මේකේ ලු‍ණු නෑ කියමින් ඔහු පිඟාන පොළවේ ගැසුවේය. කෑම පතේ ලු‍ණු නැතැයි කියමින් ඊළගට ඔහු පැන්නේ බිරියට පත බාන්නය. භාර්යාවට පත බාන්න ලැබුණේ දෙක තුනකි. ඇය එයින් මිදී නිවෙසින් එළියට පැන දිව්වාය. මේ වාඩුව ගන්න ඔහු ඉදිරියට ආ නිවසේ බල්ලාට තඩි බාන්න සූදානම් විය. දෙක තුන වදින විට බල්ලාට හොඳටම කේන්ති ගියේය.


ඒ නිසාම බල්ලා ඔහු එල්ල කළ පා පහරේ පාදය කටට ගෙන අත් හැරියේ  මැහුම් දාන තුවාල වනසේ පාද කොටස වැල් කරමිනි. වෙරි සිඳී ගියේය. නිවෙසින් එළියට පැන්න නෝනා ප්‍රදේශවාසීන්ගේ ද උදව් ලබාගෙන සැමියා රෝහල් ගත කළාය. දියවැඩියාව ඇති ඔහුට කකුල නොකපා බේරා ගැනීමට මාසයකට ආසන්න කාලයක් නේවාසිකව රෝහල් ගත වීමට සිදුවිය. 
රෝහලෙන් පිටව ආවද ඔහුට නිවෙසින් එළියට බැස වෙනදා මෙන් අඩියක්පුඩියක් ගසා ඒමට නොහැකි වූයේ හේතු දෙකක් මතය. එක බල්ලා දුන්නු දඬුවම ගැන ගමම දන්නා බැවිනි. අනෙක වෛද්‍ය උපදෙස් මතය. බීලා ඇවිත් තමාට තඩිබාන එක කාටවත් නතර කර ගැනීමට බැරිව තිබූ අවස්ථාවක බල්ලා කර දුන් ඒ උපකාරයට භාර්යාව සිටින්නේ බල්ලාට පින් දෙමින් ලු‍.



අදහස් (0)

බමන මතින් යකා නටන සැමියාට ගෙදර බල්ලාගෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 654 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 662 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 728 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 949 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 540 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 894 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1186 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site