කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අනුව විෂයයන් නවයට ඒ සමාර්ථ 9 ක් ලබාගෙන තිබුණු පෙම්වතියට ත්‍යාගයක් ලෙස දීමට තරුණයකු ගෙනත් තිබුණු කුඩයක් මව අධික වර්ෂාපතනයට ඉකුත් දිනක දී ඉහළාගෙන යාමෙන් තරුණයයි මවයි අතර බහින් බස් වීමක් සිදුව ඇතැයි කියන පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 22 හැවිරිදි තරුණයෙක් මව්පියන් සමග නිවසේ පදිංචිව සිටියි. තරුණයා පාසල් අධ්‍යාපනයෙන් පසුව කෑගල්ල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවයට බැදී දැනට වසර තුනකට වැඩිය.
මෙම තරුණයා මීට මාස පහකට පමණ ඉහතදී ඇගලුම් ආයතනයේ සේවය කරන හිතවතකුගේ රුවන්වැල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවෙසකට රාත්‍රි සහභාගී විය. අවමංගල්‍ය නිවෙසට ගිය ඇගලුම් ආයතනයේ සේවක සේවිකාවන්ට රාත්‍රී ආහාර පාන සූදානම් කර තිබුණේ අල්ලපු නිවෙසකය.
තරුණයා ඇතුළු සෙසු සියලු දෙනා අල්ලපු නිවසේ කෑමට ගිය අවස්ථාවේ දී පිඟන්වලට ලන්ෂීට් කොළ එලමින් සිට ඇත්තේ නිවසේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
එදා සිට තරුණයාත් පාසල් ශිෂ්‍යාවන් අතර සබඳකම් ඇතිවී ඉන්පසු ඉඩකඩ ලැබුණු සෑම අවස්ථාවකදීම දුක - සැප අසා කෙටි පණිවුඩ යැවීය. පාසල් ශිෂ්‍යාව ද තරුණයාට කෙටි පිළිතුරු පණිවුඩයක් එවීමට අමතක නොකළාය. පසුව දෙදෙනා වැඩි කාලයක් යාමට පෙර පෙම්වතුන් බවට පත්වූහ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල ඉකුත් දා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කෙරිණ. එහිදී පාසල් ශිෂ්‍යාව විෂයන් නවයටම ඒ සමාර්ථ නවයක් ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වී සිටියාය. ශිෂ්‍යාව ජයග්‍රහණය සම්බන්ධයෙන් තරුණයාට කෙටි පණිවුඩයක් මගින් දැන්වූවාය.
තරුණයා ජයග්‍රහණය වෙනුවෙන් පාසල් පෙම්වතිය සතුටට පත් කිරීමට ත්‍යාගයක් අරන් දීමට තීරණය කළේය. තරුණයා ඉකුත් දා වැඩ ඇරී කෑගල්ල නගරයට පැමිණ වෙළෙදසලකින් අලංකාර කුඩයක් මිලට ගෙන අලංකාර බෑගයකට දමා නිවසට රැගෙන පැමිණ කාමරයේ මේසයේ කොනක තැබුවේ ඉඩ ලද අවස්ථාවක පෙම්වතියට පරිත්‍යාග කිරීමේ අරමුණින්ය.
ඉකුත් දිනක දී මුළු දවස පුරාම කඩින් කඩ වැහි ඇද හැලෙන්නට විය. අල්ලපු නිවසේ පදිංචිව සිටින වයෝවෘද්ධ මව බැලීමට යාමට තරුණයාගේ මව පුතාගේ මේසය මත බෑගයක දමා තිබුණු කුඩය ගෙන ඉහලා ගෙන ගියාය. ඇය ආපසු පැමිණ වතුර බහින්න යැයි පවසා කුඩය සාලයේ කොනක තැබුවාය.
සවස වැඩ ඇරී නිවසට ආ තරුණයා සාලයේ තිබුණු කුඩය දැක උන්හිටිතැන් ද අමතක විය. හනික කාමරයට දිව ගොස් මේසය මත තබා තිබුණු බෑගය ගෙන බැලුව ද එහි කුඩය නොතිබුණි. පසුව තරුණයා සිය මවගෙන් කාමරයේ මේසය මත තබා තිබුණු කුඩය ගැන විමසීමක් සිදු කෙරිණ. තමා කුඩය ගෙන මිත්තනිය බැලීමට ගිය බව මව තරුණයා හමුවේ පැවැසුවේය.
තරුණයාට කේන්ති ගියේය. ‘‘මේසය මත තිබුණු කුඩය ගත්තේ මොකට ද වෙන කුඩ තිබුණේ නැද්ද ” යනුවෙන් තරුණයා දොස් නගන්නට වූ තරුණයා නතර නොකර කෑ ගැසීම හේතුවෙන් කඩෙන් අලුත් කුඩයක් යළි මිල දී ගන්නැයි පවසා මව රුපියල් 2000 ක මුදල් ඒ මොහොතේම මේසය මත තැබුවාය.
තරුණයා පසුදාම යළි කුඩයක් මිලට ගෙන ත්‍රිරෝද රථයකින් පෙම්වතියගේ නිවෙස ආසන්නයට ගොස් පරිත්‍යාග කර ඇතැයි වාර්තා වෙයි.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පෙම්වතියට ගෙනා කුඩය අම්මා ඉහලාගෙන ගිහින්