IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින්

පරිස්සමට තිබ්බදේ ඈලියාවට ගිය කථාවක් සිහිපත් වන සිද්ධියක් ඉකුත්දා අපට අසන්නට ලැබුණි. එම සිද්ධිය මෙසේය.
මාදම්පේ ප්‍රදේශයේ කාන්තාවක සිය ඥාති දියණියක සමග ගාල්ල නගරයට ගියේ තම ඇසේ අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමටය.
ගාල්ලට ගොස් ආපසු නිවස බලා ඒමට ඇය ඥාති දියණිය සමග ගාල්ල බස් පොළට පැමිණ සිටියදී නුවර බලා යන බස් රථයක් පැමිණි හෙයින් ඇයත් ඥාති දියණියත් එයට ගොඩවූහ. බස් රථය අතුරු සිදුරු නැතිව මගීන්ගෙන් පිරී ඉතිරී තිබුණි. එනිසා මේ දෙදෙනාට  ගමන් කිරීමට සිදුවූයේ හිටගෙනය.
කරේ එල්ලාගෙන තිබූ කාන්තා බෑගය  ඔවුන්ට අවහිරයකි.

   
වටපිට බලන විට ඔවුන් හිටගෙන සිටි අසුන ළඟ වාඩිවී සිටි තරුණියක දැක සිය බෑගය තබා ගන්නා ලෙස කියමින් එය ඇයට දුන්නාය. මඳ සිනහවක් පෑ මේ තරුණිය බෑගය සිය උකුල මත තබා ගත්තාය. බසය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි. කහව හන්දියට ළඟා වන විට බෑගය ළඟ තබාගෙන සිටි තරුණිය බසයෙන්  බැස ගැනීමට අසුනින් නැගිට බෑගය අයිතිකාරියට දුන්නාය. ඇය කහව හන්දියෙන් බසයෙන් බැස ගියාය.
බෑගය අයිතිකාරිය සහ ඇගේ ඥාති දියණිය ඊට මද දුරක් ගිය තැන වේනමුල්ල හන්දියේ දී බසයෙන් බැස ගත්හ. නිවසට ගොස් බෑගය විවෘත කර බලන විට ඒ තුළ තිබූ රුපියල් හැට පන්දහසක මුදල අතුරුදන්වී තිබුණි. රාත්‍රී කාලයේ නිසා ආපසු කහව හන්දියට යෑමෙන් පලක් නැති බව තේරුම් ගත් ඇය ඊට පසුවදාම කහව හන්දියට ගොස් එහි සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට තමාට සිදුවූ දෑ පැවසුවාය. ඔය කියන වෙලාවට කහව හන්දියෙන් බැස යන්නේ ගාමන්ට් එකක වැඩ කරණ තරුණියක බව අනාවරණය විය. කතාව එතැනින් අවසන් වූයේ පොලීසි ගොස් තවත් රස්තියාදුවීමෙන් පලක් නැති බව සිතමිනි.

හික්කඩුව ඤාණදාස රන්මුතු

 

 



අදහස් (0)

පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 615 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 634 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 704 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 936 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 531 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 891 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1023 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site