IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


දුවගේ මගුලදා අම්මාගෙන් තාත්තාට කම්මුල් පාරක්

කෑගල්ල අධිකරණ-චමින්ද වැවතැන්න
දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයේ දී මත්පැන් පානය කර මනාලයාගේ මවගේ අතින් අල්ලාගෙන නර්ථනයේ යෙදුණා යැයි කාන්තාවක සිය සැමියාට විවාහ මංගල්‍යය අවස්ථාවේ දී පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
24 හැවිරිදි තරුණියක් මව්පියන් සමග නිවසේ පදිංචිව සිටි මෙම තරුණිය තමන් සේවය කළ ඇඟලුම් ආයතනයේ තරුණයකු සමග කලකට ඉහත දී ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගාගෙන තිබුණි.
පසුව තරුණයාගේ හා තරුණියගේ සම්බන්ධතාවට දෙපාර්ශවයේ මව්පියන් ද කැමැත්ත ලැබී දෙදෙනාගේ විවාහ මංගල්‍යය ඉකුත් දා උත්සව ශාලාවක දී පැවැත්විණ. 


දෙපාර්ශවයේ ඥාතීන් හිතවතුන් 250 කට ආසන්න විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයේ දහවල් කෑමට පෙර මනාලියගේ පියා පැමිණ සිටි හිතවතුන්ට මත්පැන් පානය කිරීමට උත්සව ශාලාවේ පහළ මාලයට ආරාධනා කළේය.
අසූවකට ආසන්න හිතවතුන් පිරිසකට මත්පැන් පානය කිරීමට සැලැස්සු මනාලියගේ පියා අඩුපාඩු සපුරමින් එහාට මෙහාට යන අවස්ථාවේ දී හිතවතුන්ගෙන් බේරීමට බැරිම තැන ඔහුට ද මත්පැන් වීදුරු කිහිපයකින් සප්පායම් වීමට සිදු විය.
මනාලියගේ මව දහවල් කෑමට සියලු‍ දෙනාට වතුර වීදුරුවක් අල්ලා කෑමට ආරාධනා කළාය. පහළ මාලයේ සප්පායම් වී සිටි පිරිසට ද වතුර වීදුරුවක් අල්ලා ආරාධනා කර සිටි මනාලියගේ මව යළි ඉහළ මාලට ගියාය. 
මනමාල යුවළ ඇතුළු පිරිසෙන් කොටසක් කෑම කා උත්සව ශාලාවේ මනාල යුවළට සුබපැතුම් එක් කරමින් ගීත ගායනා කරමින් නර්තනයේ යෙදෙන්නට වූහ.
මනාලයාගේ පියා මත්පැන් පානය කර වැඩි වීමෙන් පුටුවක අසුන් ගෙන සිටියේය. මව සෙසු පිරිස සමග අලංකාර නර්තනයේ යෙදෙමින් සිටින අයුරු පසෙක සිට දැක ඇති මනාලියගේ පියා වැනි වැනී ඇය අසලට ගොස් අත් දෙකෙන් අල්ලාගෙන නර්ථනයේ යෙදෙන්නට විය.


සිය සැමියා මනාලයාගේ මව සමග නර්තනයේ යෙදී සිටිනවා යැයි ඥාතිවරියක් මනාලියගේ මවට කොඳුරා කීවාය. මොකද්ද මේ කරන නාඩගම මිනිත්තු කිහිපයක් ඒ දෙස බලා කල්පනා කර ඇති මනාලියගේ මව සැමියා අසලට ගොස් කමීසයෙන් අල්ලාගෙන ඇදගෙන කිසිවකුටත් නොපෙනෙන ශාලාවේ පැත්තකට රැගෙන ගියාය. 
“පවුලට ලැජ්ජා කරන්න හදන්න එපා. බීවා නම් බත් කාලා ඉදිරි වැඩ කටයුතු ටික කරන්න ලෑස්ති වෙනවා මිස ඔය කළ නාඩගම කුමක්දැයි ඇසුවාය. ඉන්පසු ඇය සැමියාගේ කම්මුලට පහරවල් කිහිපයක්  එල්ල කළාය. 
සිද්ධිය දැක ඇති මනාලියගේ වැඩිමහල් සහෝදරිය ඔවුන් දෙදෙනාගේ ගැටුම සමතයකට පත් කර මංගල්‍යයේ ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරන්නට කටයුතු කළාය.



අදහස් (1)

දුවගේ මගුලදා අම්මාගෙන් තාත්තාට කම්මුල් පාරක්

pakeer Thursday, 17 August 2023 01:37 PM

පවු අහිංසකයා... හුඟක් ලංකාවේ විවාහ දුවන්නේ... දුවන්නන් වාලේ මිස, හිතකින් නොවේ... පවු අපි...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 615 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 634 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 704 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 936 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 531 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 891 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1022 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site