මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
කුරුණෑගල බස් නැවතුමේ දී හමු වූ තරුණයකු හා තරුණියක හමුවෙන් දෙපැයක් යන්නට පෙර විවාහ වන්නට දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයකු සොයා ගිය පුවතක් පසුගිය දා වාර්තා විය.
මාතලේ පෙදෙසේ තරුණිය වෙළෙඳ කලාපයේ සේවය කරන්නියකි. ඇය නවාතැනට එන්නට කුරුණෑගල බස් නැවතුමේ සිටිය දී හමු වූ තරුණයකු හා ඉගි බිගි පාන්නට වූවාය. දෙදෙනා කටුනායක බලා යන බසයට ගොඩවී එකම අසුනකට බරවූයේ ඒ වනවිටත් පැවැති ඇඟෑලුම් කම නිසාය. බසය පිටත්විය. දෙදෙනාට ඒ ගැන වගක් නැත. පෙම් බස් දොඩන්නට වූහ. කොටදෙණියාව පසු කරද්දී තරුණයා ‘‘අපි බඳිමු’’ කියා යෝජනා කළේය. තරුණිය එක පයින් ඊට කැමති වූවාය.
කටුනායක බලා යෑම පසෙකලු යුවළ දිවුලපිටිය නගරයේ දී බසයෙන් බැස්සෝය. ත්‍රීරෝද නැවතුමට ගිය තරුණයා එහි සිටියකු හා කතිකා කළේය. රියට ගොඩ වූ යුවළ රැගත් ත්‍රීරෝදය නතර වූයේ විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයක් අසලය. රෙජිස්ට්‍රාර්වරයා හමු වූ තරුණයා ‘‘අපි බඳින්න ආවායී’’ කියද්දීම ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි
තරුණයා පසෙකට වී ඇමතුමේ යෙදෙද් දී රෙජිස්ට්‍රාර්වරයා ත්‍රීරෝද රියැදුරාගෙන් යුවළ ගැන විමසීය. ඔහු කීවේ ඔවුන් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට යාමට අවශ්‍ය බව කී නිසා කැඳවාගෙන ආ බවයි.
රෙජිස්ට්‍රාර්වරයා තරුණියගෙන් තොරතුරු විමසුවේ ඉන් අනතුරුවය. ඇය මාතලේ බවත් තරුණයා අනුරාධපුරයේ බවත් පැවසු බව ද ඇය කීවාය. ඇය දෙදෙනා හඳුනා ගත් ආකාරය විස්තර කළේ අනතුරුවය.
මෙසේ හදිසි විවාහයකට යොමුවීමෙන් සිදුවිය හැකි අනර්ථකාරි තත්ත්වය ගැන රෙජිස්ට්‍රාර්වරයා තරුණියට කරුණු කාරණා පැහැදිලි කර දෙද්දී තරුණිය සිටියේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය. එමෙන්ම දෙදෙනාගේ පදිංචි කෝරළයන් වෙනස් වන නිසා විවාහය ලියා පදිංචි කිරීමේ නොහැකියාව ද තේරුම් කර දුන්නේය.
ඇමතුම අවසන් කර පැමිණි තරුණයාගෙන් ද තොරතුරු විමසූ රෙජිස්ට්‍රාර්වරයා තමන්ට මෙම විවාහය ලියාපදිංචි කිරීමට ඇති නීතිමය නොහැකියාවන් පැවසීමෙන් පසු දෙදෙනාම යළි රියට ගොඩවී පිටත්ව ගියහ.
දින කිහිපයකින් රෙජිස්ට්‍රාර්වරයාට ලැබුණු ලිපියකින් කියවුණේ තමන්ගේ ජීවිතය බේරා දීම ගැන ස්තුතිවන්ත වන බවය. හදිසියේ හමු වූ පෙම්වතා ලෝක හොරකු බවට හෙළි වූ යැයි ද ලිපියේ සඳහන් කර තිබිණි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කසාද බඳින්න තදියම් වී බසයෙන් බැස රෙජිස්ට්‍රාර් ළඟට ඇවිත්
pakeer Monday, 27 March 2023 12:03 PM
මට මතක් වෙන්නෙම දුන්හිඳ අද්දර ටෙලි ඩ්‍රාමා එක.
fairoos Monday, 27 March 2023 04:09 PM
මෙහෙමත් වෙනවද?
දිමුත් Thursday, 30 March 2023 02:33 PM
නාමල්ට ජනාධිපති වෙන්න පුලුවන් වෙයි වගේ