කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
ඇඟිල්ලක් සපා කෑමේ සිද්ධියකින් නැන්දම්මා ලේලි අතර අපූරු ආරවුලක් ඇතිවීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මීට දින කිහිපයකට පෙර වයෝවෘද්ධ මව නිවෙසේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි කැලයකට ගොස් දර මිටියක් සොයාගෙන දර මිටිය හිස මත තබාගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී නිවෙස ආසන්නයේ දී පය ලෙස්සා වැටුණාය. දර මිටිය පැත්තකට ද වයෝවෘද්ධ මව තවත් පැත්තකට ද විසි වූවාය.
වයෝවෘද්ධ මව කෑ ගසන්නට වුවාය. කෑ ගැසීමේ සද්දය ඇසී ඇති ලේලිය හා මුනුපුරන් මිනිපිරියන් දුව ගෙන පැමිණ වැටී සිටි වයෝවෘද්ධ මව නැගිට්ටවා අත් දෙකෙන් අල්ලාගෙන නිවෙසට රැගෙන ගියාය.
‘‘මගේ දකුණු අත රිදෙනවා කැඩිලා වගේ. යං සිංහල බෙහෙත් ටිකක් ඉක්මනට බදින්න යැයි වයෝවෘද්ධ මව ලේලියට පැවසුවාය. ලේලිය අල්ලපු නිවෙසේ ඥාතිවරයකුට කතා කර ඔහුට අයත් ත්‍රීරෝද රථයකින් දේශීය වෛද්‍යවරයකු වෙත රැගෙන ගියාය.
වෛද්‍යවරයා දකුණු අත බලා අස්ථියක් පුපුරා ගොස් ඇති බවත් අත සුව කළ හැකි බවත් පවසා තෙලක් ගා හනික බෙහෙතක් කොටා මලවා පත්තුවක් බැඳ දුන්නේය.
දින දෙකකට වරක් යළි පැමිණ බෙහෙත් ටික බැඳ ගන්නා ලෙස වෛද්‍යවරයා දන්වා සිටීමෙන් පසුව නැන්දම්මා ලේලි දෙදෙනාම ත්‍රීරෝද රථයෙන් නිවස බලා පැමිණියහ.
මවට මුහුණ කට සේදීමට වතුර දී මුහුණ සෝදා ගැනීමෙන් පසුව ලේලිය රෑට උයා පිහා තිබුණු බත් පිඟානකට බෙදා හැන්දක් වතුර කෝප්පයක් සමග කන්න යැයි පවසා දුන්නාය.
හැන්දෙන් ද කෑමට නොහැකිව සිටි නැන්දම්මා ගැන අනුකම්පා කළ ලේලිය ‘‘හැන්ද අල්ලන්න බෑ නේද දෙන්න බත් පිඟාන මම කවන්නම් යැයි පවසා නැන්දම්මා අත තිබුණු පිඟාන අතට ගත්තාය.
බත් කටවල් කිහිපයක් කවමින් සිටින අවස්ථාවේ දී ලේලියගේ දකුණු අතේ ඇඟිල්ලක් නැන්දම්මාට හැපුණි. තරු පෙනුණ ලේලිය කෑ ගසන්නට වූවාය. අසල්වැසියෝ ද ලේලිය කෑ ගසන ශබ්දය ඇසී නිවෙසට පැමිණ කෑ ගසන්නේ මන්දැයි විපරම් කළහ.
වයෝවෘද්ධ මවගේ දතක් වැදී ලේලියගේ දකුණු අතේ ඇඟිල්ලක් තුවාල වී ලේ ගලමින් තිබිණි. පසුව අල්ලපු නිවෙසේ ත්‍රීරෝද රථයෙන් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර කර තිබේ. දැන් මේ වෙද්දී අපූරු විරසකයක් ඇතිවී තිබේ. නැන්දම්මාගේ දකුණු අත ද ලේලියගේ දකුණු අතේ ඇඟිල්ලකට ද ප්‍රතිකාර ලැබීමෙන් පසු දෙදෙනාම කතා බහ නොකර ජීවත් වෙමින් සිටින බව වාර්තා වෙයි.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇගිල්ලක අවුලකට නැන්දා ලේලි ඔරවාගෙන