IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ආදාහනාගාර සහායකයා සොහොන් ගෙට කැරකෙන පුටු මේස ඉල්ලලා

බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයේ  පළාත් පාලන ආයතනයකට අයත්  ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට සමීපව කළුතර  නගරය පසුකර යන විට ඇති ආදාහනාගාරයක සේවය කරන  ආදාහනාගාර සහායකයකු අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානියාගෙන්  තමන් වාඩි වී සිටින වේවැල් පුටුව සහ ලී මේසය වෙනුවට කැරකෙන පුටුවක් හා ඊට ගැළපෙන මේසයක් ඉල්ලූ පුවතක් වාර්තා වෙයි.
ආදාහනාගාර  සේවයේ යෙදෙන  සේවක මණ්ඩලයට  එම කාර්යයන් නොමැති වෙලාවට වාඩිවී සිටීමට පුටු, මේස ලබාදී තිබියදී රාජ්‍ය ආයතනවල  අමතර වියහියදම් කප්පාදු කර තිබෙන මෙවන් යුගයක අදාළ සේවකයා  තමන්ගේ තරාතිරමවත් නොදැන රුපියල් ලක්ෂ ගණනක කැරකෙන මේස පුටු ඉල්ලා තිබීම හාස්‍යයට කරුණක් බව දැනගන්නට ලැබුණි.


වසර ගණනාවක් එම ආදාහනාගාරයේ සේවයේ නියුතුව සිටි පුද්ගලයා  මෑතකදී විශ්‍රාම  යනතෙක්ම මෙම මේස පුටු භාවිතා කර  එහි සේවය හැර ගොස් තිබේ.
මෙම  ආදාහනාගාර සහායක තනතුරේ මේ වන විට සේවය  කරන නවකයාගේ ඉල්ලීම අංශ ප්‍රධානින් ඉටුකර නොමැත්තේ  ආයතන සංග්‍රහයට පවා පටහැනි ක්‍රියාවක් වන බැවිනි.
කම්කරු වෘත්තියේ සේවකයකු වන මොහු ප්‍රධාන කාර්යාලයේ කළමනාකරණ සේවයේ නිලධාරීන්ට  ලබාදෙන මේස පුටු තමාට ද අවශ්‍ය බව  කී කතාව අනෙකුත් සේවකයන් අතර පැතිර යාමෙන්  ඉඳහිට අනෙකුත්  සේවකයන්  ‘මොකද මචං තාම කැරකෙන්න පුටුවක් ලැබුණේ නැද්ද?’  යනුවෙන්  විමසද්දී ඔහුට මල පනිනවා ලු‍.

 

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

 



අදහස් (0)

ආදාහනාගාර සහායකයා සොහොන් ගෙට කැරකෙන පුටු මේස ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 614 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 634 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 704 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 936 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 531 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 891 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site