IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නූපන් පුතාගෙනුත් ගුරු තාත්තා සල්ලි ගරාගෙන

  • කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත

නූපන් දෙවැනි දරුවා ගැන හඳුන්වා දෙමින් අමුතු විදියේ ගේමක් දී මුදලක් අතමිට මොළවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණේ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.

මෙම ගුරුවරයා දකුණු පළාතේය. ඇඹේනිය මැද පළාතකය. දුරය. පෙළවහක් කර ගත්ත දා සිට ඔහු සිටියේ මැද පළාතේය.

පාසලේ ඉගැන්වීම් කරන සතියේ දින පහේ පමණක් සිටියේ දකුණු පළාතේය. නිවාඩු ලද සැණින් ඔහු නවතින්නේ මැද පළාතේය. සිය භාර්යාවට පුතකු හමුවුණා කර ගන්න කිසිම දෙයක් නෑ: ආර්ථිකේ නම් අන්තිම අමාරුයි කියමින් ඔහු තමන්ගේ හිතවත් ගුරුවරුන් කිහිප දෙනකුටම කියා නාහෙන් ඇඬුවේය.

එහි ප්‍රතිඵලයක් ලෙස පාසලේම ගුරුවරුන් ඔහුට නොදැනෙන්නට මුදලක් එකතු කළේ ඔහුට දෙන්නය. ගුරුවරුන් දෙතුන් සියයක් ඉන්නා මේ පාසලේ ඔහු වෙනුවෙන් එකතුවූ මුදල රුපියල් ලක්ෂයකට ආසන්න මිසක් ඊට අඩුවක් නොවීය. 

ඒ මුදල හිතවත් ගුරුවරුන් පිරිස ඔහු අත තිබ්බේ ලද සැණින් අලු‍ත උපන් දෙවැනි පුතා බලන්නට එන බව ද කියමිනි. 

අනේ ඒක කොච්චර හොඳ දෙයක් ද එන දවස මට කලින් කියන්න ඕනෑ යයි ඔහු කීවේ ගුරුවරුන් එකතු කර දුන් මුදල් කවරය දිහා හොරහින් බලමිනි.

අවස්ථා කිහිපයකදීම මොහුගේ දෙවැනි පුතා බැලීමට යාම සඳහා හිතවත් ගුරුවරුන් දින යොදා ගත්තද ඔහුගේ එක එක හේතු මත එක එක දිනට එය කල් ගියේය. ඒ සමගම ඔහුගේ දෙවැනි පුතා බැලීමට යාමේ ආශාව හා කැමැත්ත කාගෙ කාගෙනුත් දුරස්වී ගියේ ඇත්තටම එය අමතක වෙමිනි.

මේ අල්ල පනල්ලේ ඔහුගේ පළමු වැනි දුව පාසලට පැමිණියේ එහි පැවැති විශේෂ උත්සව අවස්ථාවකදීය. ගුරුවරු කිහිප දෙනෙක්ම මේ දරුවා හුරතල් කළහ. ඒ අතර කෑම බීම ජාතිද අරගෙන දුන්හ. 

ඔය අතර වාරයේදී ගුරුවරුන් කිහිප දෙනෙකුම ඇය වට කරගත්තේ දුව කොහෝමද දැන් ඔයාගේ මල්ලී ලොකු ඇති නේ අපිට එයා බලන්න එන්නත් බැරි වුණානේ යැයි කියමිනි. 

මේ ප්‍රකාශයත් සමගම අන්දමන්ද වූ දැරිය අනේ අංකල් මට කොයින් ද මල්ලි කෙනෙක්. මට මල්ලි කෙනෙක් නැනේයි ඇය සුරතල් බසින් අසන හැම ගුරු භවතාටම කීවාය.

ගුරුවරුන්ද එකම ප්‍රශ්නය කීප වතාවක්ම පුන පුනා ඇසුවේ ඔවුන් ද හරි හමන් විදියට අගමුල ලිහා ගන්නය. වැඩේ පත්තුවිය. පාසලේ හැම ගුරුවරයාගේම කනට නූපන් පුතුගේ කතන්දරේ යන්නට වැඩිවේලාවක් ගත නොවිණි.



අදහස් (0)

නූපන් පුතාගෙනුත් ගුරු තාත්තා සල්ලි ගරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site