පාසල නිමවා පාසලින් පිටවන්නට සූදානම් වූ මොහොතේ ගුරුවරිය පන්ති කාමරයක දමා දොර වසා යාමෙන් වූ අකර තැබ්බයක් පිළිබඳව සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම පාසලේ ගුරු විවේකාගාරයක් නොමැති අතර කෝකටත් තෛලය ලෙස සෑම දෙයකටම භාවිත කරනුයේ නැටුම් කාමරයයි. ගුරුවරියන්ගේ ගමන් මල්ල, පොත් බෑගය සහ වතුර බෝතලය ආරක්‍ෂා සහිතව තබායන්නේ මෙම නැටුම් කාමරයේය. සුපුරුදු පරිදි එදින පාසල නිමාවුණ මොහොතේ අවසානයට නැටුම් කාමරයෙන් පිටවන ගුරුවරිය තමා යැයි සිතා එක් ගුරුවරියක් නැටුම් කාමරයට ගියේ පාසල අසල ඇති බස්රථ නැවතුමේ නවතා ඇති බස් රථය දැක එය මග හැරේවි යැයි සිතා ඉක්මනින් තම බෑගය රැගෙන බස්රථයට දිවයෑමටය.
තවත් ගුරුවරියක නැටුම් කාමරයට ගිය බව නොදුටු ගුරුවරිය තම බෑගය රැගෙන කාමරයේ දොරට ඉබියතුරු දමා තදකර පාසලින් පිට වී බස්රථයට දිව ගියාය. පසුව පැමිණි ගුරුවරිය ගමන් බෑගය රැගෙන කාමරයෙන් පිටවීමට සූදානම් වන විට දොර වසා ඉබ්බා ද දමා ඇති බව දුටුවිට ඇයට දොලොව රත්විය. පාසලේ සියල්ලෝම ඒ වන විට පාසලින් පිටවී හමාරය. හෙට එළිවෙනකම් මට මේකෙ තමයි ඉන්න වෙන්නේ සිතූ ගුරුතුමිය උදව් ඉල්ලා කෑ ගසන්නට වූවාය. ශබ්දය ඇසුණු පාරේගිය සිසුවකු නැටුම් කාමරය අසලට පැමිණ බලන විට ගුරුවරිය සිර වී සිටින අයුරු දැක පාසල අසල සිටින ගුරුවරියකට සිද්ධිය පවසා විදුහල්පතිනිය ද දැනුම්වත් කර විකල්ප යතුරක් ගෙන්වා කාමරය විවෘත කර ගුරුවරිය එළියට ගත්තාය.
(මඩුගල්ල - සේනක බණ්ඩාර, මොනරාගල අතිරේක - කේ.එම්.පී. බණ්ඩාර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නැටුම් ගුරුවරිය කාමරයේ සිටිද්දී ඉබ්බත් දමා දොර වහලා