IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


හැටහතර මායමෙන් දඩ නොකා බේරිලා


කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
අලු‍ත විවාහ වූ මනාලියට කලකට ඉහත දී පියා මිලට ගත් කාර් රථය දියණියගේ විවාහ මංගල්‍යයේ දෙවැනි දවසේ දී දෑවැද්දට ප්‍රදානය කර තිබුණි. මනාලියට කාර් රථය පැදවීමට රියදුරු බලපත්‍රයක් ඇතත් මනාලයාට වාහන පැදවීමට හැකියාව තිබුණ ද රියදුරු බලපත්‍රයක් ගෙන නොමැත.
ඉකුත් දිනක අලු‍ත විවාහ වුණ මනාල යුවළ නිවසට අවශ්‍ය බඩු මුට්ටු තොගයක් ගැනීමට නගරයට යාමට කතිකා කර ගත්හ. රියදුරු බලපත්‍රයක් නොමැති මනාලයා කාර් රථය පණ ගන්වා ඉදිරි අසුනේ මනාලිය ද හිදුවාගෙන කෑගල්ල බලා යාමට නිවසින් පිටත් විය.
පොලිසිය මඟ හිඳීද යැයි කියන සැකයට මනාලයා නගරයට කිලෝ මීටර් තුනක් පමණ ඈත තිබිය දී කාර් රථය මනාලියට බාර දුන්නේය.
මනාලිය කාර් රථය නගරය දක්වා රැගෙන ගොස් වෙළඳසල් කිහිපයකින් අවශ්‍යව තිබුණු බඩු මුට්ටු ටික දෙදෙනාම කාර් රථයේ පිටුපස අසුනට දමා ගත්හ.
ආපසු මනාල යුවළ නිවස දක්වා පැමිණිමට කතිකා කර ගත්හ. රියදුරු අසුනේ හිඳ ගත් මනාලිය යළි කාර් රථය පදවාගෙන නිවස බලා ගමන් කිරීමට පටන් ගැනිණි.
පොලිසියෙන් පාරේ හිදින එකක් නැතැයි පවසා යළි මනාලයා මනාලියගේ කාර් රථය ඉල්ලාගෙන පදවාගෙන නිවස කරා ගමන් කරමින් තිබුණි.
මඳ දුරක් පැමිණෙන විට පොලිස් නිලධාරිහු දෙදෙනෙක් මාර්ගයේ සිට කාර් රථය නතර කරන ලෙස සංඥාවක් නිකුත් කළහ.


මනාලයාගේ පපුව පිච්චී ගොස් තිබුණි. පොලිස් නිලධාරින් දෙදෙනා පසුකර මීටර් 100 ක් පමණ ඈතින් කාර් රථය නවතා මනාල යුවළ ක්ෂණිකව කාර් රථයේ අසුන් දෙකෙන් මාරු වූහ.
අසුන් දෙක මාරු කර ගත් මනාල යුවළ මනාලිය රියදුරු බලපත්‍රය හා කාර් රථයේ ලියකියවිලි රැගෙන රියදුරු අසුන පැත්තේ දොර විවෘත කර පිටතට  පැමිණ පොලිස් නිලධාරින් දෙදෙනා අසලට ගියාය. පොලිස් නිලධාරියෙක් ලියකියවිලි පරීක්ෂා කර බැලු‍වේය.
“නෝනා නෙමේ මහත්තයා නේද කාර් එක පදවාගෙන ආවේ කෝ එයාගේ රියදුරු බලපත්‍රය. නෑ සර් පදවාගෙන ආවේ මම මනාලිය පොලිස් නිලධාරියා හමුවේ පැවසුවාය. නෑ නෑ වෙන්න බෑ මම දැක්කේ මහත්තයා වගේ පොලිස් නිලධාරියා පැවසීය. නෑ සර් මම පදවාගෙන ආවේ ඒ සර්ට පෙනිලා තියෙන හැටි. 
සර්ලාට බොරු කියන්නේ මොකට ද මමත් විවාහ වෙලා මෙහාට ඇවිල්ලා තාම සති දෙකයි. තරුණිය බේගල් කිහිපයක් පොලිස් නිලධාරින් දෙදෙනා හමුවේ ඇද බෑවේය. 
කාර් එක ඇතුළත දී දෙන්නා අසුන් දෙක ක්ෂණිකව මාරු කර ගත්තාවද්ද? නෑ සර් අපි කළේ නෑ. තරුණියගේ කීම පොලිස් නිලධාරින් දෙදෙනාට ඇත්ත විය. පසුව පොලිස් නිලධාරියා අත තිබුණු කාර් රථයේ ලියකියවිලි ටික ආපසු මනාලියට දීමෙන් පසුව මනාල යුවළ නිවස බලා ගොස් ඇතැයි වාර්තා වෙයි.

 



අදහස් (3)

හැටහතර මායමෙන් දඩ නොකා බේරිලා

Janindu Perera Friday, 28 March 2025 01:30 PM

හොඳට ගැලපෙන දෙන්නෙක් හැබැයි...

:       0       4

ගුණරත්න Friday, 28 March 2025 01:45 PM

අලුත ගෙනා මනමාලි නීතිඥ නෝනා කෙනෙක් වෙන්න ඇති

:       3       1

pakeer Saturday, 29 March 2025 05:02 PM

වාසනාවන්ත මිනිහෙක්... ගෑනියි, කාර් එකයි දෙකම එකපාර...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 437 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 513 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 614 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 867 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 471 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 861 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1240 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1340 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site