අවුරුදු උත්සවයේ දී තරුණියන් සඳහා පැවැත්වූ බනිස් කෑමේ තරගයට සහභාගි වූ වැඩිහිටි කාන්තාවකගේ බොරු දත් කූට්ටම ගැලවී බිමට වැටීමේ පුවතක් දකුණු පළාතේ රජයේ කාර්යාලයකින් වාර්තාවේ.
සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරීම සඳහා සෑම රජයේ කාර්යාලයකම අවුරුදු උත්සව සංවිධානය කිරීම සිරිත් පරිදි සිදුකෙරිණි. තරුණකම හුවා දැක්වීම සඳහා නිතර උත්සාහ ගන්නා නවීන විලාසිතා වලින් සැරසී නිතර ගමන් බිමන් යාම සිදුකරන අවුරුදු පනස් පහ ඉක්මවා ගිය කාන්තාවක් එම කාර්යාලයේ සේවය කළාය. තම වැඩිමහල් දියණියන් දෙදෙනාගේ වයසේ පසුවන කාර්යාලයේ සිටින සෙසු කාන්තාවන් අතර නිතරම කැපීපෙනෙන චරිතයක් බවට ඇය පත්ව සිටියාය. තරුණ නිලධාරිනියන් සහභාගි වූ සෑම අවුරුදු ක්‍රීඩාවකටම සහභාගි වීමට ඇය අමතක නොකළාය.
අවුරුදු උත්සවයේ විවිධ තරග ඉසව් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එම තරග ඉසව් අතරින් බනිස් කෑමේ තරගය කාන්තා නිලධාරිනියන් සඳහා ද පැවැත්වීමට සැලසුම් කර තිබුණි. ඩෙනිම් කලිසමක් සහ සල්වාරි කමිසයකින් සැරසී අවුරුදු උත්සවයට පැමිණ සිටි කාන්තාවගේ නමද බනිස් කෑමේ තරග ලේඛනයේ මුලින්ම සඳහන් කර තිබුණි. තරග කාරියන්ගේ දෑත් පිටුපසට කර ගැටගසා තිබූ අතර සංවිධාකයන්ගේ අණින් තරගය ආරම්භ විය.
තරුණ නිලධාරිනියන් බිම පෙරළී බනිස් කෑම සිදුකළ අතර මෙම කාන්තාවද එය අනුගමනය කරමින් බනිස් කෑම ආරම්භ කළාය. තරගය ආරම්භ වී තප්පර කිහිපයක් ගෙවී යද්දී කාන්තාවගේ සවිකරගෙන තිබූ බොරු දත් කුට්ටම ගැලවී එම ස්ථානයේ එළා තිබූ පැදුර මතට වැටුණු අතර අවුරුදු උත්සවය එකම සිනා සාගරයක් විය. දත් කුට්ටම දුටු කාන්තාවට දෙපසින් සිටි තරගකාරියන් දෙදෙනා ඇතිවූ අප්‍රිය තාවය නිසා හටගත් ඕක්කාරය හේතුවෙන් වමනය දමන්නට වූහ. අවුරුදු උළෙලේ සිටි නරඹන්නන්ගේ ඔල්වරසන් දෙගුණ තෙගුණ වූහ.
අවුරුදු උත්සවය එකම සිනා සාගරයක් බවට පත්ව තිබූ අතර දත් කුට්ටම අහුලාගත් කාන්තාව සෙසු නිලධාරීන්ට දෝෂාරෝපණය කරමින් කාර්යාලය තුළට ගියාය. දත් කුට්ටම වැටී තිබුණු ආකාරය නිලධාරීන් ඡායාරූප ගතකර තිබූ අතර එය වට්ස්ඇප් සමූහයන් හරහා ක්ෂණිකව හුවමාරු වන්නට විය. සිය සැමියා ගෙන්වාගෙන කඩිනමින් නිවස බලා ගිය කාන්තාව නිවාඩු ලබාගෙන සතියක පමණ කාලයක් සේවයට නොගිය අතර ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නට වන නිසා ඇය දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවද පැවසේ.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලමිස්සියන් එක්ක තරඟෙට බනිස් කන්න ගිය ආච්චි අම්මාගේ දත් කුට්ටම බිම