IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බස් රියැදුරා බලා සිටිද්දී මහත්තයා එර්දි වෙලා

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර)
මාදම්පේ නගරයට පැමිණ තිබූ යහමින් හැඳ පැළැඳගත් මහත්මා වෙසින් පෙනී සිටි අයෙකු පොරොත්තු පෝළිමේ නවතා තිබූ මාදම්පේ සිට වෙනත් නගරයකට ධාවනය වන බස්රථයක කුලී ගමනක් යාමට මිල ගණන් විමසා තිබිණ.


අද‌ාළ දුර සඳහා මිල රුපියල් පහළොස් දහසක් අවශ්‍ය බව රියැදුරා පැවැසීමෙන් අනතුරුව රුපියල් දහඅටදහසක චෙක්පතක් ලබා දී රියැදුරුගේ මිල අයකරගෙන ඉතිරි මුදල තමන්ට ලබාදෙන ලෙසට අමුතු ආකාරයේ යෝජනාවක් මහත්තයාගෙන් රියැදුරාට ඉදිරිපත් විය.


 විශ්වාසය ඇතිකරගත් රියැදුරා එකී මහතාගේ ඇවිටිල්ල මත ගමන රුපියල් ද‌ාහතරදහසකට එකඟවීමෙන් පසුව චෙක්පතේ සටහන් කළ යුතු ආකාරය රියැදුරා ලවාම කොළයක සටහන් කරවාගෙන රුපියල් හාරදහසේ කොමිස් මුදල රියැදුරුගේ අතින් ලබාගෙන මාර්ගයේ එක් පසක් පෙන්වා චෙක්පත ලියාගෙන පැමිණෙන තෙක් පිරිස බසයට නංවාගන්නා ලෙස ද පැවැසීය.


රියැදුරා කඩිමුඩියේ බසය පණගන්වා මහත්තයා වෙසින් පෙනී සිටි අය පෙන්වූ ස්ථානයට බසය රැගෙන ගොස් දිගු වේලාවක් බලා සිටිය ද කිසිවකු බසයට ගොඩවන පාටක් නොපෙණිනි. 


ගමන් වාරය තම බස් රථයට පැමිණි බව පසු බස් රථයෙන් දැනුම්දීමෙන් පසු රියැදුරා සිදු වූ දෙය එම පිරිසට දැන්වීමෙන් පසු කාරණාව වැටහී තිබිණ.


 මහත්තයා වෙසින් පැමිණි අය ඒ වනවිටත් රුපියල් හාරදහස රැගෙන ගොස් තිබිණ.


 දෙලෝ රත්වුණ බස් රථ රියැදුරා ගමන් වාර ද අහිමි කරගනිමින් නිවස බලා පිටත් වී තිබිණ.

 



අදහස් (0)

බස් රියැදුරා බලා සිටිද්දී මහත්තයා එර්දි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site