අවුරුද්දට කැවුම් කොකිස් සහ රස කැවිලි හදාගෙන ත්‍රිරෝද රථය පොලිසිය නතර කර බලද්දී ත්‍රී රෝද රථය තුළින් මත්පැන් ගඳක් වහනය වීම නිසා පොලිස් නිලධාරීන් ත්‍රී රෝද රථය තුළ තිබූ කැවිලි පෙට්ට් ඇරලා බලද්දි එම පෙට්ටි තුළ සූක්ෂම ආකාරයට අසුරා තිබූ මත්පැන් තොගය පොලිසිය විසින් සොයා ගැනීමත් සමග ත්‍රිරෝද රථ රියදුරා උඩ ගොස් බිම වැටුණ සිද්ධියක් පසුගිය අවුරුදු සමයේ මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය.
මාදම්පේ පොලිස් වසමට අයත් එක්තරා ප්‍රදේශයක පසුගිය අවුරුදු සමයේ දිනෙක රාත්‍රියේ හදිසියේ ක්‍රියාත්මක කරන ලද පොලිස් මාර්ග බාධකයකදී මෙම සිදුවීම වී ඇත.
එදින රාත්‍රියේ මෙම පොලිස් මාර්ග බාධකය පසුකර යාමට පැමිණි ත්‍රී රෝද රථයක් නවත්වා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී හමු වූ මෙම නීති විරෝධී මත්පැන් තොගය සහ එම මත්පැන් තොගය ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයත් එම ත්‍රිරෝද රථය පදවාගෙන ආ පුද්ගලයාත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වාර්තා වන අන්දමට ඉතා වේගයෙන් මාර්ග බාධකය පසුකර යාමට පැමිණි ත්‍රිරෝද රථයක් පිළිබඳව සැක සිතූ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් එසේ පැමිණි ත්‍රිරෝද රථය නවත්වා ඇත.
එසේ නැවැත් වූ ත්‍රිරෝද රථය තුළ කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් තිබෙනූ පොලිස් නිලධාරීන් දැක එම පෙට්ටි තුළ තිබෙන්නේ මොනවාදැයි රියැදුරාගෙන් විමසා ඇත.
එවිට අවුරුද්දට නෑදෑගම් ගෙනියන්න අවශ්‍ය කැවුම් කොකිස් සහ රස කැවිලි හදාගෙන එන ගමන් යැයි ත්‍රිරෝද රථයේ රියදුරා විසින් පොලිසියට පවසා ඇත.
මෙහිදී ත්‍රිරෝද රථයට එබිකම් කළ පොලිස් නිලධාරියකුට ත්‍රිරෝද රථය තුළින් මත් පැන් ගඳක් වහනය වීම නිසා මත්පැන් ගඳක් එන්නේ කොහෙන්දැයි එම නිලධාරියා රියදුරුගෙන් විමසා ඇත.
මහත්තයෝ මමත් පොඩි අඩියක් ගහලයි ඉන්නේ යැයි රියැදුරා පොලීස් නිලධාරියාට ප්‍රකාශයක් කර ඇතත් ඔහුගේ කියමන අවිශ්වාස කළ පොලිස් නිලධාරියා ත්‍රිරෝද රථය තුළ තිබූ පෙට්ටි විවෘත කර බලද්දී එම පෙට්ටි තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ නීති විරෝධී මත්පැන් තොගයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබේ.
පොලිස් නිලධාරීන් විසින් මත්පැන් තොගය සොයා ගැනීමත් සමඟ නිරුත්තර වූ රියදුරා පොලිස් නිලධාරීන්ට පිණ්සෙන්ඩු වීමට පටන් ගෙන ඇතත් පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මාදම්පේ පොලීසියට ගෙන ගොස් ඇත.
කොණ්ඩ කැවුම් තොගය අන්තිමට හොර අරක්කු වුණා නේදැයි පොලිස් නිලධාරීන් විසින් රියදුරාගෙන් විමසා ඇති අතර ඒවාට ඔහු විසින් කිසිදු පිළිතුරක් සපයා නැති බවද පවසයි.
මාදම්පේ එස්. හේරත්
2025 නොවැම්බර් මස 21
111
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1059
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කැවුම් කසිප්පු වී කූඩුවේ ලැගලා