IMG-LOGO

උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා

හසලක - සුනිල් ඒකනායක


මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
හැටපස් හැවිරිදි වියේ පසුවෙන සීයාගේ නිවසට මෙදින පැමිණ සිටියේ සිය දියණියගේ පුතා වන අට හැවිරිදි මුනුපුරෙකි. ඔහු නිවසේ එහේ මෙහේ ඇවිදිමින් සිටින විට නෙත ගැටුණු යමක් අතට ගෙන “මේ මොකක්ද සීයේ” යැයි සීයාට පෙන්වා විමසනු ලැබීය.
“හා හා ඕක පැත්තකට විසි කරන්න. ඕක ළමයි අත පතගාන එකක් නෙවෙයි. ඕක මීයන් අල්ලන මී කතුරක්” යැයි සීයා පවසා තිබේ.
“අනේ සීයේ මේකෙන් කොහොමද මීයෝ අල්ලන්නේ? කියා දෙන්නකෝ” යැයි මුනුපුරා සීයාට පවසා ඇත.
“හා ඉන්නකෝ මේවා ළමයි දැනගන්න හොඳ නැහැ. මේකෙන් කරන්නේ පවු වැඩක්. ඒ වුණත් මම මේකට මීයෝ අල්ලන හැටි ඔයාට කියා දෙන්නම් කෝ” යැයි පවසා සීයා මී කතුර අතට ගෙන එහි ක්‍රියාකාරිත්වය කියා දෙමින් සිටින විට එක් වරම එහි ඇති උගුල ගැස්සී සීයාගේ ඇඟිලි දෙකක් එයට අසු වී ඇත.


ඒ සමඟම ඔහුගේ කෑ ගැසීමට දිව ආ දරුවාගේ පියා අයියෝ මොකක්ද මේ කරගත්තේ යැයි කියමින් ඒ වන විටත් ඇඟිලි දෙක මී කතුරට හසුවී එයින් ඇඟිලි පිටතට ගැනීමට නොහැකිව දඟලන සිය මාමාගේ අතේ තිබූ මී කතුරෙන් ඇඟිලි මුදාගත් අතර ලේ ගලන තුවාල සහිතව සිටි සීයා රෝහලකට නිවැසියන් විසින් වහා රැගෙන යනු ලැබීය.
රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ ඇඟිලි දෙකට තදබල ලෙස හානි වී ඇති බවත් ඇඟිලි දෙකේ දෙවෙනි පුරුක් දෙක ඉවත් කිරීමට සිදුවන බවත්, ඒ අනුව සීයාට දින දෙකක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව නිවසට පැමිණීමට සිදුවූයේ සිය වම් අතේ ඇඟිලි දෙකක කොටස් නොමැතිවය.



අදහස් (0)

උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site