IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දියවැඩියාව නිසා වකුගඩුවලට සිදුවන හානිය

බෝ නොවන රෝග අතුරින් ප්‍රධානම රෝගී තත්ත්වයක් ලෙස සැලකෙන දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. දිගුකාලයක් මුළුල්ලේ පවතින දියවැඩියා තත්ත්වය හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාව පවා සිදුවේ. රටේ අස්සක් මුල්ලක් නෑර වාර්තා වෙන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යාමට දිගුකාලීනව පවතින මෙම දියවැඩියා තත්ත්වය සෘජුවේ බලපානු ලැබේ. ලෝකය සේම අපේ රට ගත්තද තත්ත්වය එක හා සමානයි.

දියවැඩියාව Type one සහ Type two යනුවෙන් දෙයාකාර වේ. Type one දියවැඩියා තත්ත්වය තරුණ අවදියේ පසුවන්නන් අතර සුලබ වන අතර Type two බොහෝවිට වයස්ගත පුද්ගලයන්හට වැළඳෙන තත්ත්වයකි. Type one දියවැඩියා තත්ත්වය නිශ්චය කරන මොහොතේදී වකුගඩුවට හානි කිරීම දුලබ තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසර 10ක් 15ක් ගත වනි විට වකුගජුවට බලපෑම් එල්ල කළ හැකිය. Type two තත්ත්වය නිශ්චය කරන මොහොත වනවිටත් සමහරුන්ගේ වකුගඩුවලට හානි පමුණුවා තිබිය හැකියි. ඇතැම් විට පුද්ගලයකුට වකුගඩු රෝගය වැළඳී ඇතැයි නිර්ණය කෙරෙන අවස්ථාව වනවිට වකුගඩුව අකර්මණ්‍යව තිබිය හැකියි.

සියලු දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන් නෙවෙයි

දියවැඩියා රෝගීන්ගෙන් සියයට 20ක් සියයට 30ක් අතර දෙනා වකුගඩු රෝගයට, වකුගඩු අකර්මණ්‍යතාවට ගොදුරු විය හැකියි. එසේම සියලුම දියවැඩියා රෝගීන්ට වකුගඩු රෝග අවදානමද නැත. දිගු කාලයක් පුරා නිසි පාලනයකින් තොරව පවතින දියවැඩියා තත්ත්වය වකුගඩු රෝගයට බලපාන ප්‍රධාන අවදානම් සාධකයකි.

වකුගඩු රෝගයට බලපාන අනෙකුත් අවදානම් සාධක

අධි රුධිර පීඩනය, රුධිර ගත කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම, දුම්පානය කිරීම, එසේම පවුලේ සාමාජිකයන්ට දියවැඩියාව සහ වකුගඩු රෝග වැළඳී තිබීම වැනි පවුල් පසුබිමද බලපානු ලැබේ. එමෙන්ම අධික ලුණු භාවිතයද වකුගඩු රෝගයට රතු එළියකි.

හඳුනා ගැනීම සහ කළ යුතු දේ

සමහර විටෙක මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ නොපෙන්විය හැකියි. Diabetic Nephropathy තත්ත්වය මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එවිට වකුගඩු අකර්මණ්‍ය වීම වැනි බරපතළ අවදි දක්වා වර්ධනය වීම වලක්වා ගත හැකිය. පෙර සඳහන් කළ පරිදි රෝග ලක්ෂණ නොපෙන්වුවද වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ලේ සහ මුත්‍රා මාස 06කට වරක් හෝ වසරකට වරක් පරීක්ෂා කර ගත යුතුයි. මෙමගින් Diabetic Nephropathy තත්ත්වය මූලික අවස්ථාව පෙන්නුම් කරනවාද යන්න සොයා ගත හැකියි.

වකුගඩුවල ප්‍රධාන කාර්යය වන්නේ සිරුරේ අපද්‍රව්‍ය සහ අතිරික්ත ජලය අයින් කිරීමයි. වකුගඩුව නිර්මාණය වී ඇත්තේ මිලියන ගණනක පෙරීමේ ඒකක වන වෘක්කානු මගිනි. රුධිරයේ සීනි ප්‍රතිශතය වැඩි නම් මුත්‍රා සමග ඇල්බියුමින් ප්‍රෝටීනය පිටවේ. සමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ මුත්‍රා සමග මෙසේ ඇල්බියුමින් පිට වන්නේ නැත. ඉතා කුඩා පෙරීමේ එකක වන වෘක්කානුවලට මෙම ඇල්බියුමින් ප්‍රෝටීනය බලපෑම් එල්ල කරයි. Diabetic Nephropathy තත්ත්වය තිබියදී වුවත් වකුගඩු ක්‍රියාකාරී වුවද දිගු කාලයක් පුරා පවතින තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් ඒවා අකර්මණ්‍ය වී යාහැකියි. එනම් ‘මයික්‍රො ඇල්බියුමින්යූරියා ‘තත්ත්වයට පත් වේ.. ඒ වගේම මුත්‍රා සමග පෙණ ගතියක් පිටවේ නම් එයද ඇල්බියුමින් ප්‍රෝටීනය පිටවීමේ ලක්ෂණයක් විය හැකියි.

වකුගඩු අක්‍රිය වුණොත්

වකුගඩු නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවන විටදී අපද්‍රව්‍ය සේම වැඩිපුර ජලයද සිරුරේ එක්රැස් වේ. සිරුරේ එකතු වන අතිරික්ත ජලය නියමාකාරයෙන් සිරුරෙන් අයින් නොවන විටදී ඇස් වටේ ඉදිමීම, දෙපා ඉදිමුව, පෙහලුවල ජලය එක්රැස් වීම නිසා ස්වසන අපහසුතා පවා ඇති විය හැකියි. එවිට ඇඳකවත් හාන්සි වී සිටිය නොහැකි තරමට හුස්ම ගැනීමේ අපහසුතා හටගනී.

අපද්‍රව්‍ය පවා නිසියාකාරයෙන් ඉවත් නොවන විටදී ඔක්කාරය, වමනය, අධික විඩාව, තෙහෙට්ටු ගතිය ඇඟ කැසීම, සිහිමඳ තත්ත්වය, සුවපහසු නින්දක් නොමැති වීම පවා ඇතිවී කෝමා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.

වලක්වා ගැනීම සහ ප්‍රතිකාර

ප්‍රතිකාර මගින් මූලික වශයෙන් රෝගයේ ආරම්භය ප්‍රමාද කිරීමත්, රෝග ව්‍ර්ධනයේ වේගය අඩු කිරීමත් සිදුවේ. වලක්වා ගැනීමේ පළමු පියවර ලෙස දුම්පානය නතර කිරීම, නිසි බරක් සිරුරේ පවත්වා ගෙන යාම එනම් ශරීර ස්කන්ධ දර්ශකය නිවැරැදි මට්ටමක තබා ගැනීම විශේෂයෙන් වැදගත් වේ. රෝගීන් සඳහා වෛද්‍ය උපදෙස්වලට යටත්ව සාමාන්‍ය ව්‍යායාම් නිර්දේශ කරනු ලැබේ. එනම් සතියට විනාඩි 150ක්වත්, සාමාන්‍යයෙන් දින 05ක් වරකට පැය භාගයක් පමණ ව්‍යායාම්වල ඔබ නිරත විය යුතුවේ. වෛද්‍යවරු ව්‍යායාම් නිර්දේශ කළද ඒ සඳහා රෝගීන්ගේ ඇති උනන්දුව අඩු මට්ටමක පවතී.

ඒවගේම NSAIBD වර්ගයට අයත් වේදනා නාශක බොහෝ වෙලාවට අපේ වකුගඩුවලට අහිතකර වේ. එනිසා ඉහත ඛාණ්ඩය යටතේ එන වේදනා නාශක හිතුමතේට භාවිත කිරීමෙන් වලකින්න. විශේෂයෙන් වකුගඩු රෝගීන් ඉහත වේදනා නාශක ගැනීම නතර කරන්න. රුධිර ගත සීනි මට්ටම නිවැරැදිව පාලනය කිරීම, අධි රුධිර පීඩනය පාලනය කිරීම ක්‍රමවත්ව සිදු කරන්න. අධික ලුණු භාවිතයෙන්ද වැලකීමට මතක කබා ගන්න.

පෝෂ්‍යදායී ආහාර වේලක්

දියවැඩියාව ඇති වකුගඩු රෝගීන් වෛද්‍යවරුන්ගේ සහ පෝෂණවේදීන්ගේ උපදෙස් මත පෝෂ්‍යදායී ආහාර වේලකට හුරු වන්න. දියවැඩියාව ඇති වකුගඩු රෝගීන් සීනි, අධික පිෂ්ඨය ,සංතෘප්ත මේද සහිත ආහාර එනම් බටර්, චීස් ,ගිතෙල් වැනි ආහාරවලින් ඉවත් වන්න. පලතුරු, එළවුළු, ධාන්‍ය , රනිල කුලයට අයත් බෝග, තන්තුමය ආහාර. ශාකමය ප්‍රෝටීන ආහාර (කඩල වැනි) අසංතෘප්ත මේද සහිත ආහාර. ඇට වර්ග, නට්ස් ( ආමන්ඩ්, පීනට්) අලිගැට පේර, ඔලිව්, සැමන්, මැකරල් වැනි මාළු ආහාරයට ගත හැකිය..

සාමාන්‍යයෙන් පිඟාන කොටස් 02කට බෙදෙන පරිදි භාගයක් පලතුරු සහ එළවළුවලින්ද අනෙක් භාගය කොටස් දෙකකට බෙදෙන පරිදි ඉන් එක් කාලක් පිෂ්ඨය සහිත ආහාරත් අනෙක් කාලට ප්‍රෝටීන සහිත ආහාරත් ඇතුළත් කර ගත හැකියි.

ඒවගේම වෙළෙඳපොළේ නිතර දැකිය හැකි භාගෙට පිසින ලද ජනප්‍රිය ආහාර යටතට අයත් මීට්බෝල්ස්. සොසේජස්, වැනි ක්ෂණික ආහාර පරිභෝජනය නතර කරන්න. කෘතිම රසකාරක ඇසුරින් සදා ඇති කෘතිම පාන වර්ග, සුදු පාන්, පේස්ට්‍රි, පැස්ටා, ස්නැක් සහ බයිට් වර්ග, භාවිතය හැකිතාක් අවම කළ යුතුයි.

ප්‍රතිකාර

වකුගඩු රෝගය වලක්වා ගැනීම සඳහා වෛද්‍යවරු විසින් විශේෂ ප්‍රතිකාර ක්‍රම සහ විශේෂ බෙහෙත් නිර්දේශ කරනු ලබයි. මූලික අදියරේදීම වකුගඩු රෝගය හඳුනා ගැනීමෙන් ඖෂධ භාවිතයෙන් පාලනය කර ගත හැකි වනු ඇත. එසේම කලක් යනතුරු වකුගඩු රෝගය පැවතී නිශ්චය වනවිට වකුගඩු සමුපූර්ණයෙන්ම අකර්මණ්‍යව ඇත්නම් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදු වේ. රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රම දෙවිදියකි. Hemo Dialysis සහ Peritoneal Dialysis එම ද්විත්වයයි.

ප්‍රතිකාර මගින් Diabetic Nephropathy තත්ත්වයේ ආරම්භය ප්‍රමාද කිරීමත්, රෝග වර්ධනය වීමේ වේගය අඩු කිරීමත් සිදුවේ. වකුගඩු අකර්මණ්‍යතාවකදී හොඳම පුතිකාර ක්‍රමය වකුගඩුවක් බද්ධ කිරීමයි. එය මියැදුණු පුද්ගලයකුගෙන් හෝ ජීවත්වන නිරෝගී පුද්ගලයකුගෙන් ලබා ගත හැකියි. වකුගඩු බද්ධ කිරීමකට යනතුරු ඩයලයිසිස් ප්‍රතිකාර ක්‍රම දිගටම ක්‍රියාත්මක කෙරේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

දියවැඩියාව නිසා වකුගඩුවලට සිදුවන හානිය

Ekanayaka Mudiyansele Ekaneth Gedara Chamod Lakshan Ekanayake Sunday, 05 November 2023 09:22 AM

මෙය හොද විස්තරයක්. නමුත් මීට අදාලව සංඛ්‍යා දත්ත විශ්ලේෂණ තිබෙනවා නම් වඩාත් සුදුසුයි යන්න මගේ යෝජනාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 60 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග
2024 මාර්තු මස 21 447 0

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග


බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද?
2024 මාර්තු මස 06 1227 0

පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව


ලාදුරුවලින් බේරෙන්නෙ මෙහෙමයි
2024 පෙබරවාරි මස 20 699 0

මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය.


මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද
2024 ජනවාරි මස 20 541 0

අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිව


උණ දවස් දෙකකට වඩා වැඩි නම් බෙහෙත් ගන්න
2024 ජනවාරි මස 10 540 0

පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site