IMG-LOGO

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 52 කට කොරෝනා

(රොමේෂ් මධුෂංඛ)

                    

යාපනය බන්ධනාගාරයේ කොවිඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කළ අතර යාපනය විශ්ව විද්‍යාලයේ රසායනාගරයේ දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා වලට අනුව රැඳවියන් 52 දෙදෙනෙකුම කොරෝනා ආසාදිතයින් වශයෙන් තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් යාපනය බන්ධනාගාරය තුළ කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනා ගනිමින් ඔවුන් ද නිරෝධායනය කර පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇත.

යාපනය බන්ධනාගාරයේ මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග රැඳවියන් බැලීමට ආ පුද්ගලයින් ඇතුළු බන්ධනාගාරයේ කොිඩ් පොකුරක් සෑදීමේ අවධානමක් පවතින බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.



අදහස් (0)

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 52 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site