(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව පොලිස්ථානයේ එක් පොලිස් නිළධාරිනියක් ඇතුලු පොලිස් නිළධාරීන් පස්දෙනෙකුට 19 කොවිඩ් වයිරසය අසාදනය වී ඇතිබව සිදුකළ පීසී ආර් පරීක්ෂණ වලදී අනාවරණය වූබව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මෙසේ කොවිඩ් වයිරසය අසාදනයවී ඇත්තේ ආරච්චිකට්ටුව පොලිස්ථානයට අනුයුක්තව සේවයකරනු ලබන විවිධ පැමිණිලි අංශයේ පොලිස් නිළධාරිනියක ඇතුලු පොලිස් නිළධාරීන් පස්දෙනෙකි.
මෙම පිරිස කොවිඩ් 19 වෛරසය සඳහා පළමු එන්නත් මාත්‍රාවද ලබාගත් අයබව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස්ථානයට පැමිණෙන පුද්ගලයෙකුගෙන් පොලිස් නිළධාරීන්ට වෛරසය අසාධනය වී ඇති බවට සෞඛ්‍ය බළධාරීන් සැකකරයි. මේ අනුව එම පොලිස්ථානයේ තවත් ආශ්‍රිත පොලිස් නිළධාරීන් 06ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර එම පොලිස්ථානය විෂබීජහරණය කිරීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කරඇත.
ඉදිරියේදී පොලිස්ථානයට අනුයුක්තව සේවය කරනුලබන සියලු නිළධාරීන් සහ එම පවුල්වල පිරිස සඳහා පී. සී. ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර අසාධිත නිළධාරීන්ගේ පවුල්වල ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත පොලිස්ථානයේ තදබදය අඩුකර ගැනීම සඳහා දූෂණ මර්ධන අංශය ආරච්චිකට්ටුව මහජන පුස්තකාල ගොඩනැගිල්ල වෙතට ගෙනයාමට කටයුතු කළබව ආරච්චිකට්ටුව කොට්ඨාස භාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී. ජයසිංහ මහත්මිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආරච්චිකට්ටුව පොලීසියේ 5 කට කොරෝනා
විමල් Monday, 07 June 2021 11:54 AM
පැමිණිලි ලියාගන්න නිලධාරිනිය ඔය පැමිණිලිකරුව ළඟටම ගන්න වෙනවා. අඩි 10ක් වත් ඈත ඉඳලා ඔය මයික් එකක් මාර්ගයෙන් කතාකරලා පැමිණිලි ලියාගන්න පුලුවන්නේ. බෙහෙත් විද්දා කියලා පොලිසියේ නිලදරුවන්ගෙන් වාහනවල ස්ටිකර් ඇලවීමත් අනතුරු දායකයි මගේ අදහස. දැන් UGC ඇප්ලිකේෂන් දාන ළමයින්ගේ පොත් ගෙනත් දෙන්නත් පොලිසිය, ෆොටෝකොපි ගහලා දෙන්නත් පොලිසිය... ඒත් මනුස්සයින්...!!! ප්‍රවේශම් කරගත යුතුයි..! මිනිස්සු දැන් එළියට බහින්නේ සංචරණ සීමා තියෙද්දී... පොලිසියට යනවා කියලා. බලපුවාම පොලිසිය ළඟයි ප්‍රා.ලේ. කාර්යාලය ළඟයි බොහෝ සෙනඟ...