පැතුම් දර්ශන
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට කැබිතිගොල්ලෑව සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පැමිණි නාවික සෙබළු දහතුන් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කර තිබේ.
ඒ අනුව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවික සෙබළු නවදෙනකු (09) සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිරෝධායනයට ලක් කර ඇති අතර ඉන් දෙදෙනෙකු පමණක් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇත.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පැමිණි නාවික සෙබළු හතර දෙනෙකු(04) සහ පවුල්වල සාමාජිකයන්ද නිරෝධනයට ලක්කර ඇති අතර ඉන් එක් අයෙකු ඊයේ (24) සවස පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යවා ඇති අතර අනෙක් තිදෙනාද අද (25)පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව නාවික සෙබළු 13 ක් නිරෝධායනයට