IMG-LOGO

හික්කඩුව තිරණාගම ග්‍රාමීය බැංකුවක් වසා දමයි

(  එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )

හික්කඩුව විවිධ  සේවා  සමුපකාර  සමුපකාර සමිතියට අයත් තිරාණගම ග්‍රාමීය බැංකුව අද ( 24 ) සිට නැවත දැනුම්දෙන තුරු  වසා දමන  ලෙසට හික්කඩුව මහජන සෞඛ්‍ය  පරීක්ෂවරු උප දෙස් දුන්හ.
 
ඒ අනුව තිරාණගම ග්‍රාමීය බැංකුව වසා දැමීමට  අද (24 ) හික්කඩුව විවිධ  සේවා  සමුපකාර සමිතිය පියවර ගත්තේය .
 
වැලිසර නාවික හමුදා කදවුරෙන් නිවාඩුවට හික්කඩුවේ නාරිගම නිවසට  ආ නාවික හමුදා සෙබලකුගේ මව ගනුදෙනු  කිරීමට තිරාණගම ග්‍රාමීය බැංකුවට  පැමින ඇති නිසා මේ ග්‍රාමීය බැංකුව වසා දැමීමට පියවර ගත්බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේ ප්‍රකාශකයකු කීවේය .

මේ වනවිට මේ නාවික හමුදා සෙබලාගේ සෙම පටල පී .සී.ආර්. පරීක්ෂණයට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යැවීමට  පියවර ගෙන ඇති බවත් ඒ පරීක්ෂණයේ ප්‍රතිපල මත මේ ග්‍රාමීය බැංකුවේ  විවෘත  කිරීමේ දිනය තීරනය කරනු ලබන බවත් එම ප්‍රකාශකයා කීවේය  .



අදහස් (0)

හික්කඩුව තිරණාගම ග්‍රාමීය බැංකුවක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site