IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කරයි

 ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු අද (8) පියවර ගත්හ.

චීනයේ වූහාන් නගරයෙන් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීන බලධාරීහු දැඩි පියවර රැසක් ගත් අතර ජනවාරි මස අගදී නගරය සම්පූර්ණයෙන්ම වසා දැමූහ.

හුබෙයි පළාතේ වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා අද (8) උදෑසන සිට ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගත් අතර මාර්තු මස අගදී ද හුබෙයි පළාතට සහ වූහාන් නගරයට පනවා තිබූ ඇතැම් සීමා ලිහිල් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබිණි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු අඟහරුවාදා දිනය (7) චීනයෙන් කොරෝනා මරණයක් වාර්තා නොවූ පළමු දිනය ලෙස සටහන් විය.

බදාදා දිනයේදී පමණක් චීනයෙන් කොරෝනා ආසාදිතයන් 62 දෙනකු වාර්තා වූ අතර ඔවුන් සියලුදෙනාම විදෙස්ගතව සිට පැමිණි අය යැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළේය..

අඟහරුවාදා වනවිට චීනයේ සිටින විදෙස්ගතව සිට පැමිණි කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,042ක් විය. එය ඊට පෙර දිනයට වඩා 59ක වැඩිවීමකි. ඒ අනුව අද පස්වරු වනවිට චීනයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 82,783ක් විය.

අල්ජසීරා/රොයිටර්ස් 

055



අදහස් (1)

වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කරයි

Sriyani Rathnayaka Thursday, 09 April 2020 03:00 AM

චිනයේ වූහාන් වල වෛරසය නිමාවීමේ ප්‍රීතිය නිමිත්තෙන් සතුට සමරපු විදිය අපි දැක්කා. නමුත් වයිරසය ලෝකෙටම පතුරුවලා. ඒ වෙනුවට ඔවුනට කරන්න තිබ්බේ පහන් පත්තු කරල සංවේගය පලකරන්න.

:       0       98

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site