ඇමෙරිකා එක්සත් ජනපදයේ ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ දත්තවලට අනුව අද (8) පස්වරු 4 වනවිට රටවල් පහක කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි.
අද පස්වරු වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වූ අතර ආසාදිතයන්ගේ ගණන හාර ලක්ෂයකට ආසන්න වී තිබිණි. එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 399,929කි.
දෙවැනියට ස්පාඤ්ඤයෙන් ද තෙවැනියට ඉතාලියෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා විය. ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 146,929 කු වාර්තා වූ අතර ඉතාලියෙන් වාර්තා වූ ගණන 135,586කි.
සිවුවැනියට ප්‍රංශයෙන් ආසාදිතයන් 110,070ක් වාර්තා වූ අතර ජර්මනියෙන් ආසාදිතයෝ 107,663ක් වාර්තා වූහ.
අද පස්වරු වනවිට එක්සත් රාජධානියෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයනගේ ගණන 55,957ක් විය. ඉරානයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 65,589ක් වූ අතර චීනයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 82,783ක් විය.
අද පස්වරුවෙන් ගත වූ පැය 24ක කාලයේදී මැලේසියාවෙන් නව ආසාදිතයන් 156 කු, ඉන්දුනීසියාවෙන් 218 දෙනකු සහ රුසියාවෙන් 1,175 දෙනකු වාර්තා වී තිබිණි.
අද පස්වරුවේදී පෝලන්තයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 5,000 ඉක්මවා ගියේය. ඊයේ පස්වරු වනවිට මැලේසියාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 4,119ක් ලෙසත් ඉන්දුනීසියාවෙන් වාර්තා වූ ගණන 2,956ක් ලෙසත් රුසියාවෙන් වාර්තා වූ ගණන 8,672ක් සහ ඊශ්‍රායලයෙන් වාර්තා වූ වූ ගණන 9,400ක් ලෙසත් දැක්විණි.
මේ අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ඉතියෝපියාව පියවර ගෙන තිබිණි.
රොයිටර්ස්/අල්ජසීරා
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රටවල් 5 ක කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි
ccccccccc Wednesday, 08 April 2020 12:16 PM
ලක්ෂය ඉක්මවයි? පිස්සුද?