IMG-LOGO

මහනුවර රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා

(චමිල් රූපසිංහ)
 
මහනුවර ජාතික රෝහලේ  කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කෝවීඩි 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

 
මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කරන බවත් එලෙස පෙරේදා (26) සිදුකළ පරීක්ෂණ වාර්තා වලට අනුව මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසදනය වී තිබෙන බව වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.
 
කොවිඩ් ආසාදිත හෙද නිලධාරිනියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කළ අතර ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බවත් වැඩබලන අධ්‍යක්ෂවරිය පැවසුවාය.
 
මහනුවර ජාතික රෝහලට සුළු අසනීප වලට  ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඇතැම් පිරිස් පැමිණෙන බවත් මෙම අවස්ථාවේ අත්‍යවශ්‍යය කාරණයකට හැර හැකි තරම් රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාස කළාය.
 
අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ළඟම ඇති රෝහලට ගොස් ප්‍රථිකාර ලබා ගැනිමෙන් පසු එහි වෛද්‍යවරු මහනුවර ජාතික රෝහලට යොමුකළ යුතුද නැද්ද යන්න නිරීක්ෂණය කර තීරණය කරනු ඇති රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.



අදහස් (2)

මහනුවර රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා

Saman Friday, 27 November 2020 12:21 PM

දැන්වත් අහඹු පරීක්ෂණ පටන් ගත්ත එක ලොකු දෙයක්... ඉස්සර වෙලාම කරන්න ඕනේ හැම පළාතකම සෞඛ්‍ය සේවයේ අය පරීක්ෂා කරන එක...

:       0       8

එරා Sunday, 29 November 2020 02:38 AM

කොළඹ නගර සීමාව තුල පමණයි දිනපතා පරීක්ෂණ 1500ක් විතර පවත්වන්නේ. අනිත් නගරවලත් පරීක්ෂණ කළානම් සැබෑ තත්වය දැන ගන්න තිබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 273 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site