(චමිල් රූපසිංහ)
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද (24) දහවල් සිට තාවකාලිකව වසා දමා ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු හා කාර්යාලයේ සේවකයෙකු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් පසු ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධව කළ වීමසීමකදී ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවේ ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයා නාවික හමුදා සෙබළාගේ මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවක එය පන ගැන්වීම සඳහා සහය වී තිබෙන බවයි.
ඔහුට කොවිඩ් -19 ආසාධනය වී ඇති බව තහවුරු වී නොමැති වුවත් ආරක්ෂිත පියවරක් ලෙස තාවකාලිකව කාර්යාලය වසා දැමීමට පියවර ගත් බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය වසා දමයි