IMG-LOGO

මාතර බන්ධනාගාරයේ 30 කට කොරෝනා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර බන්ධනාගාරයේ රැදවියන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉකුත් 16 වැනිදා ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙන අතර ඊයේ (22) එහි වාර්තා ලැබීමෙන් පසු ඒ බව තහවුරු වී තිබේ.

ඒ අනුව රැදවියන් 53 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් අදාල ආසාදිතයින් පිරිස හදුනා ගෙන ඇත.

එම සංඛ්‍යාව ඉදිරියේ දී තහ දුරටත් ඉහල යා හැකි බව සෞඛ්‍ය නිලධාරියෙකු පැවසීය.
මේ නිසා රැදවියන් අධිකරණ වලට ඉදිරිපත් කිරීමද ඊයේ (22) සිට තාවකාලිකව නතර කර තිබේ.

ආසාදිත රැදවියන් සියලු දෙනා කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

බන්ධනාගාරයේ සියලුම නිලධාරීන් හා අනෙකුත් රැදවියන් සියලු දෙනා අද (23) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතව තිබුණි.

සෞඛ්‍ය අංශ මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.



අදහස් (0)

මාතර බන්ධනාගාරයේ 30 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site