IMG-LOGO

බස්රියේ පමණට වඩා සිටි මගියෝ පොලිස් අණින් බසිති


(නයෝමි දිල්රුක්ෂි)
 
නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින්, කෑගල්ල සිට දිප්පිටිය නගරය දක්වා බස් රථයක් ධාවනය කළ රියැදුරුට දැඩි අවවාද කර නිදහස් කිරීමට කෑගල්ල  සෞඛ්‍ය අංශ සහ පොලීසිය අද(24) කටයුතු කළේය.

 
ආසන ප්‍රමාණයට වඩා මගීන් පටවාගෙන රථය ධාවනය කළ රියදුරු මුඛ ආවරණ ද පැළඳ නොසිටි බව පොලිසිය කියයි. රථය කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිටින් ධාවනය වන මොහොතේ බස්රථය නවතා නියමිත ආසන ප්‍රමාණයට වඩා සිටි මගී ජනතාව වෙනත් බස් රථයක් වෙත යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කළහ.
 
සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට තම ජීවිතය පරදුරවට තබා කටයුතු කළත් මෙවන් නොසැලිකිලිමත් ක්‍රියා හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් ඉහළ යන බව පවසමින් මෙම මෙහෙයුම සදහා එක්වූ වෛද්‍ය දර්ශන විජේතුංග මහතා මගී ජනතාව දැනුවත් කළේය.
 
කෑගල්ල අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ධමිමික වීරසේකර, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. අතුකෝරල, මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජු ශ්‍රී රත්නායක ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු පිරිසක් මෙම හදිසි බස් රථ පරීක්ෂාවට එක්ව සිටියහ.

 



අදහස් (6)

බස්රියේ පමණට වඩා සිටි මගියෝ පොලිස් අණින් බසිති

Niroshi Wednesday, 24 February 2021 08:30 AM

ඇයි මේ නීතිය මුලු රටේම ක්‍රියාත්මක කරන්න බැරි...?

:       4       14

පොඩි මල්ලිWednesday, 24 February 2021 09:16 AM

කියලා වැඩක් නෑ..138,154 වගේ රූට් වල පොලිසි නැද්ද දන්නේ නෑ. තවම බස් එකේ පිටිපස්සේ සීට් එකේ 6 දෙනෙක් දානවා.. පස්සේ බොරුවට දුරස්ථ භාවය ගැන කතාකරනවා.

:       1       12

Raveendra Wednesday, 24 February 2021 09:09 AM

වයර් ෂෝට් වෙලා වගේ.. එකපාරට නීතිය මතක් වෙනවා. ඊළඟට අමතකයි.. ඔක්කොම අපිට විතරයි. සර්ලගේ බල්ටි විතරයි. විසිල් ඇත්තෙම නෑ.

:       5       14

jaye N Wednesday, 24 February 2021 09:40 AM

උදේට කාර්යාල වේලාවලට බස්රථවල සෙනඟ මගදී බැස්සුවොත් සමහර අයට රතු ඉර තමයි... අද උදේ කෑගල්ල-අම්පාර බස්රථයෙන් පේරාදෙණියට ආවේ. මාවනැල්ල පසුවෙනකොට හිටගෙන සෙනග... කඩුගන්නාව නැවතුම ළඟදී තව සෙනග නැග්ගා... ඔක්කොමලා එහෙම තමයි.

:       1       9

Chinthaka Wednesday, 24 February 2021 10:57 AM

අංක 17, පානදුර -නුවර, නව නුවර පාරේ දුවන බස්වල කට කපලා සෙනඟ... මේවා පේන්නේ නැද්ද?

:       1       9

Siri Perera Wednesday, 24 February 2021 06:30 PM

දැන් සැපද වහල්ලුන්ට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site