IMG-LOGO

බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

බොරලැස්ගමුව විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන්  වහන්සේලා  විහාරස්ථානය තුළම  අද (21) ස්වයං නිරෝධනයට  ලක් කළ බව බොරලස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩ බලන පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.කේ. විජේසූරිය මහතා පැවසීය.

බොරලැස්ගමුව  රත්තනපිටිය විශ්ව විද්‍යාල පාර ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ අය නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයට දහවල් දානය පිරිනමා ඇති බව අනාවරණය වීම හේතුවෙන් පන්සලේ භික්ෂූන් වහන්සේලා මෙලෙස නිරෝධායනය කර තිබේ.

වයස අවුරුදු 56 වන එම එම පුද්ගලයා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ඊයේ  20 ශ්‍රී ජයවර්ධන රෝහලට  ඇතුළත් කෙරිණි .

අනතුරුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී  ඔහු  කොරෝනා  ආසාදිතයකු  බවට තහවුරු වූ බව  විජේසූරිය මහතා පැවසීය.

එම අවස්ථාවේදී ආසාදිත රෝගියා රෝහලට ඇතුළත් කර රැගෙන ගිය ඔහුගේ පුත්‍රයා එම රෝහලට ද ඇතුළත් කළ බවත් ඔහුගෙන්  කිසිදු කොරෝනා ආසාදිත   රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පැවසීය .

රෝගියාගේ  බිරිඳ ද එම නිවස තුළම ස්වයං  නිරෝධනය ලක් කිරීමට අද දින  පියවර ගත් අතර එම නිවස සහ විහාරස්ථානය භූමිය  සහ අවට ප්‍රදේශ විෂබීජ හරණයට ලක් කළ බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය .
 



අදහස් (3)

බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට

Siri Tuesday, 21 April 2020 02:55 PM

හැම පන්සලකම භික්ෂුන් වහන්සේලා නිරෝදායනය කළ යුතුයි. මන්ද දන් පිළිගන්නන්ගෙන් කවරෙකුට කොරෝනා අසදනයවෙලාද කියන්න බැරිනිසා....

:       1       2

Siri Tuesday, 21 April 2020 02:55 PM

හැම පන්සලකම භික්ෂුන් වහන්සේලා නිරෝදායනය කළ යුතුයි. මන්ද දන් පිළිගන්නන්ගෙන් කවරෙකුට කොරෝනා අසදනයවෙලාද කියන්න බැරි නිසා.

:       0       3

Ranasinghe Wednesday, 22 April 2020 05:15 AM

සුවපත්වේවා !

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 534 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 704 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 288 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site