කොරෝනා ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (12) රෝහලෙන් පිටව ගියේය.
කෙසේ නමුත් ඔහු දැන්ම රාජකාරි කටයුතු ආරම්භ නොකරන බවත් සිය නිවසේ සිට ප්‍රතිකාර ලබන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. හෙතෙම පූර්ණ සුවය ලබන තෙක් නිවසට වී විවේකීව සිටිනු ඇතැයිද එම කාර්යාලය සඳහන් කළේය.
"වෛද්‍ය උපදෙස් මත ඔහු දැන්ම රාජකාරී අරඹන්නේ නෑ. ඒ වගේම ඔහු ශාන්ත තෝමස් රෝහලේ සියලු දෙනාට කෘතඥ වෙනවා" යැයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් කීය.
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අප්‍රෙල් 5 වැනිදා ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළේය. හෙතෙම අප්‍රෙල් 6 වැනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර දින තුනක් එහි සිට ප්‍රතිකාර ලැබුවේය.
අල්ජසීරා
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බ්‍රිතාන්‍ය අගමැති රෝහලෙන් පිටව යයි
de silva Monday, 13 April 2020 02:31 PM
ඔය කියන තරම් ඉකමනට කොරෝන හොඳ වෙනවද ? 100 % හොඳ වෙන්න ඉස්සරින් ගෙදර යවනවද ? ලංකාවේ නම් කොරෝන රෝගියා 100 % හොඳ වෙනකම් අනිවාර්යයෙන්ම සති 3-4 රෝහලේ ඉන්නම ඕනේ ? මුළු ගම්මානයම අගුලු දමනවා
kusum UK Monday, 13 April 2020 03:25 PM
දෙවියෝ අපේ අගමැති බේරා දුන්නා. දෙවි පිහිට ලැබේවා