(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක පුද්ගලයින්ගෙන් ලබාගත් ජෛව සාම්පල නියදි 800ක් පමණ බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ගොඩගැසී ඇතැයි බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා පැවසීය.
ඒවා පරීක්ෂා කිරීමට දින තුනක් පමණ ප්‍රමාද වන නිසා බදුල්ල මහ රෝහලට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් අත්‍යවශ්‍ය බව ද ඒ මහතා සඳහන් කළේය.
ඌව ආණ්ඩුකාරවර කාර්යාලයේ අද(09) ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කම්ටු රැස්වීමේදි විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා එසේ පැවසීය.එහිදි ඒ මහතා මෙසේ ද කීය.
''මේ වන විට බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ජෛව සාම්පල් 800ක් පමණ ගොඩගැසී තිබෙනවා. පරීක්ෂණ කරන්න තියෙන්නේ එක යන්ත්‍රයයි.පරීක්ෂණ ප්‍රතිඵල එන්න කල් යද්දී ජනතාව එකතැන ඉන්නේ නෑ. හැම තැනම ඇවිදිනවා.
මේක ඉතාම භයානකයි.රිදීමාලියද්ද ගාමන්ටි එකේ සේවකයින් විශාල පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල තාම දීලා නෑ.
බදුල්ල මහ රෝහලේ තියෙන පී.සී.ආර් යන්ත්‍රයෙන් දිනකට කරන්නේ පරීක්ෂණ 300ක් විතරයි. නමුත් දිනකට ඌව පළාතෙන් ආසාදිතයින්ගේ සමීපතයින්ගේ ජෛව සාම්පල් 400ක් විතර පරීක්ෂණ කටයුතු සදහා රෝහලට එනවා. මේක ලොකු ප්‍රශ්නයක්. දැනට ගුවන් තොටුපලේ වැඩියෙන් තියෙන පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රයක් අපේ රෝහලට ලබා ගත යුතුයි'' යැයි ශාන්ත ගමගෙදර මහතා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පීසීආර් යන්ත්‍ර නැතිව ජෛව සාම්පල 800ක් බදුලු රෝහලේ ගොඩගැසෙයි
පිටිගල මිලානෝ Wednesday, 10 February 2021 09:05 AM
නෙළුම් කුළුණ යටට ගිහිල්ලා බාරයක් වෙන්න. එතකොට පීසීආර් එකක් ලැබෙයි.