IMG-LOGO

ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි අඩකින් අඩුවේ - ජලය පිරිසිදු වෙයි

(විනීතා එම් ගමගේ)

වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප‍්‍රමාණය 50% කින් අඩු වී ඇතැයි ජාතික ජලජීවී සම්පත් පර්යෙෂණ හා සංවර්ධන  අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළි වී ඇත.

දිස්ත‍්‍රික් පහක ස්ථාන කිහිපයක් තෝරාගෙන කළ පර්යෙෂණයකින් මෙම තොරතුරු හෙළි වී යැයි ජාතික ජලජීවී සම්පත් පර්යෙෂණ හා සංවර්ධන  අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා අද (21) පැවැසීය.

කොළඹ, ගම්පහ, කලූතර, මාතර, පුත්තලම හා ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කයන්හි ස්ථාන කිහිපයක් මෙසේ අධ්‍යයනයට ලක්කළ බව ද ප‍්‍රදීප් කුමාර මහතා කීය.

මේ අතර කොළඹ ප‍්‍රදේශයේ ජලයේ ඇති මළ අපද්‍රව්‍යවල පවතින බැක්ටීරියා ප‍්‍රමාණය ජලය මිලිලීටර් 100 ක කොටස් 1800 ක සිට පහක් දක්වා අඩුවී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම ජලයේ ඇති නයිටේ‍්‍රට් පොස්පේට් ප‍්‍රමාණය මයික්‍රො මවුල .3 ක් ව පැවැතියත් මේ වනවිට .09 දක්වා අඩු වී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

 

 

 

 



අදහස් (3)

ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි අඩකින් අඩුවේ - ජලය පිරිසිදු වෙයි

Thanuja Senarathne Tuesday, 21 April 2020 12:29 PM

පරිසරය තවතවත් රුකේවා... පරිසර දූෂණය නැතිවෙවා...!!!

:       0       4

SL Tuesday, 21 April 2020 02:13 PM

හරි දේ මොකක්ද කියල දැන්වත් දන්නවානේ.... අදාළ නීතිරීති දාල ක්‍රියාත්මක කරන්න...

:       0       1

ධම්ම Tuesday, 21 April 2020 03:02 PM

නිසිලෙස කළමනාකරණය කරගතහොත් කොරෝනාව ආශිර්වාදයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 657 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site