IMG-LOGO

පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානය හිස් වෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම සහිරා ජාතික පාසල තුළ පිහිටා තිබු නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින්  සිටි පිරිස් සියල්ලම ( 24 ) දින එම කටයුතු අවසන් කර නිවෙස් සඳහා යාමත් සමඟ  එම කඳවුර හිස් වු බව හමුදාව පවසයි .

පුත්තලම සහිරා ජාතික පාසල තුල 98 ක්  නිරෝධායනය වෙමින්  සිටි අතර ඒයින් 16 දෙනකු  ආසාදිතයින් පරික්ෂාවේදී සනාථ වු බවත්  මොවුන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට සහ  මුල්ලේරියාව නැගෙනහිර නැගෙනහිර කොළඹ රෝහල් සඳහා යැවිම සිදුකර තිබු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
 
පසුගිය මාර්තු 29 දින සහිරා ජාතික පාසල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කිරිම සිදුකර තිබුණි.
 
ඒහි සියලු අධික්ෂණ කටයුතු යුධ හමුදාව විසින් සිදුකර තිබු අතර සෞඛ්‍ය කටයුතු භාරව ඇත්තේ   පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා ඇතුළු පිරිසටය .‍
 
නිරෝධියනයට යොමු කල පිරිස් පුත්තලම කඩමයන්කුලම් ගම්මානය තුළ පදිංචි කරුවන් හා කොළඹ සහ හලාවත පදිංචිකරුන් බව කියයි.
 
යුධ හමුදාවේ 58 වන බල සේනාංකාධිපති බිග්‍රේඩ්යර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා පවසා පැවසුයේ  මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින්  සිටි පිරිස 24 දින සාර්ථකව  එම  කටයුතු අවසන් කිරිමත් සමග මධ්‍යස්ථානය හිස් වු බවයි .

ඒ අනුව මෙම මධ්‍යස්ථානය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධව ඉදිරියේදී දැනුම් දෙන බවත් තවමත් ෙමම ස්ථානය යුධ හමුදා භාරයට ගෙන ඇති  බව ඔහු පැවසිය
 

 



අදහස් (0)

පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානය හිස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 530 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site