IMG-LOGO

නෙළුවේ තවත් 13කට කොරෝනා

(ජේ.කේ.එල් චාමින්ද සහ පියරත්න ජයවික්‍රම)
 
නෙළුව ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වු  අයගේ පවුල්වල  සාමාජිකයින් 13 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
 
මෙම පවුල්වල සාමාජිකයින් 100 දෙනෙකු සදහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකළ අතර ඒ අනුව මේ බව අනාවරණය වී ඇත. ආසාදනය වු අය අතර කුඩා දරුවකු ද සිටින  බවද ඒ මහතා පවසයි. පිරිමි 06  දෙනා අම්පාර රෝහල වෙත ද කාන්තාවන් හා දරුවන් 07 දෙනා කරන්දෙණිය දිස්ත්‍රික් රෝහල වෙත යොමුකළ බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 
නෙළුව සතිපොළ  අසල තේ කඩයක් පවත්වාගෙන ගිය කාන්තාවකට ඇතුළු 13 දෙනෙකුට මීට පෙර කොරෝනා ආසාදනය වී තිබුණි. මේ වනවිට නෙළුව  ප්‍රදේශයේ පුද්ගලයින් 26 දෙනෙකුට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි. නෙළුව සතිපොළේ වෙළදුන්ටද අහඹු පි.සි ආර් පරික්ෂණ කර ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.
 
තවලම  සතිපොළේ වෙළදුන් ඇතුළු පාරිභෝගිකයින් 27 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වි ඇති බවද හෙතෙම පවසයි.



අදහස් (0)

නෙළුවේ තවත් 13කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 368 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 530 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site