IMG-LOGO

නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි - පාර්සල් භාර නොගනී

විනීතා එම් ගමගේ


ඇදිරි නීතිය ඉවත් කර ඇති පලාත්වල තැපැල් කාර්යාල විවෘතව පැවැතියත් නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි හෝ පාර්සල් භාර නොගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලූ තැපැල් කාර්යාලවලට චක‍්‍රලේඛයක් යවමින් උපදෙස් දී තිබේ.

ජාත්‍යන්තර තැපෑල ක‍්‍රියාත්මක නොවන බැවින් විදේශ ගමනාන්ත සදහන් ලිපියනයන් සහිත තැපැල් භාර නොගන්නැයි තැපැල් කාර්යාලවලට උපදෙස් දී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ලංකාදීපයට අද (22) පැවසීය.

ඇදිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල සාමාන්‍ය පරිදි තැපැල් කාර්යාල විවෘතව ඇති බවත් තැපැල් බෙදීම් කටයුතු ඇතුළු කටයුතු සිදුවන බවත් තැපැල්පතිවරයා ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඇදිරි නීතිය පවතින ප‍්‍රදේශවල කැපැල් කාර්යාල වසා  ඇතත් තැපැල් කාර්යාල හරහා ඖෂධ බෙදා හැරීම් කටයුතු සිදුවන අතර සතොස සමග එක්ව ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් ද සිදුකිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 



අදහස් (1)

නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි - පාර්සල් භාර නොගනී

manjula Wednesday, 22 April 2020 01:35 PM

මම පොතුවිල් ඉන්නේ. අද මම ගියා ලියුමක් තැපැල් කරන්න. එයාල බාර ගත්තේ නෙහෙ. එක ලියුමක් කොලබට අනික අම්පාරට... ඇයි එහෙම කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site