විනීතා එම් ගමගේ
දවසේ විසිහතර පැය පුරාම ක්‍රියාත්මක ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය වෙත ඉකුත් 25 වැනිදා සිට මේ දක්වා මහජන ගැටලු 30,000 කට ආසන්නන ප්‍රමාණයක් ලැබී ඇතැයි ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවැසීය.
එකී ගැටලු වලින් 28000 කට පමණ එම ඒකකය මගින්ම අදාල නිලධාරින් වෙත යොමුකර විසඳුම් ලබාදුන් බවත් ඉතිරි ගැටලු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය වන ඒවා බැවින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත යොමුකල බවත් හෙතෙම කියා සිටියේය .
දුරකතන ක්‍රියාකරුවන් 50 දෙනෙකු ගෙන් යුත් මෙම ඒකකය ඉකුත් මාර්තු 25 වැනිදා සිට දිවා රාත්‍රී දවසේ පැය 24ම විවෘතව පවතී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකයට ගැටලු 30,000 ක්
Mahesh Tuesday, 14 April 2020 02:41 AM
ඉතා හොද දෙයක් ජනපතිතුමා. මේවා තමා වෙන්න ඕන වැඩ.
de silva Tuesday, 14 April 2020 02:55 AM
ජනපතිතුමනි, ඔය රජයේ නිලධාරීන් ගැනනම් විශ්වාසයක් තබන්න එපා. ඒ අය අල්ලස් ගන්නේ නැතුව හරියට වැඩ ටික කරානම්මේ රට මෙහෙම දුප්පත් වෙන්නේ නෑ. නිදහසෙන් පස්සේ පසුගිය දශක 50 රට විනාශ කළේ දේශපාලකයන් පමණක් නොවේ නිලධාරීන්, පෙරකදෝරුවන් ඇතුළු අනිත් පිරිසත් මේකට වග කියන්න ඕන. ඔය නිලධාරීන් ඔය ප්‍රශ්න 28000 වැඩිම වුනොත් ප්‍රශ්න 5000 විසදාවී. අනිත් ඔක්කොම යන්නේ කුණු බක්කියට.
දොලුකන්දTuesday, 14 April 2020 07:11 AM
දැන් මේ ඔහේ කියන දේ බලයි ජනාධිපතිතුමා..... රෝහල්වල ඉන්නෙත් රජයේ නිලධාරීන් තමයි.