IMG-LOGO

චීන වැසියන්ට කොවිඩ්-19 එන්නත නොමිලේ

 

චීන ජනතාවට ‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය, එන්නත බෙදාහැරීම සහ එන්නත විදීම යනාදී එන්නත්කරණයට අදාළ සියලු වියදම් ජනතාවගෙන් අය කර නොගන්නා බවත් අදාළ වියදම් වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රාජ්‍ය මුදල්වලින් පියවා ගන්නා බවත් චීනයේ ජාතික සෞඛ්‍ය සේවා ආරක්ෂක පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලි තාඕ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

එන්නත්වලට අනුමැතිය ලැබුණු විගස එය ජනතාවට ලබාදෙන බව ද සියලු දෙනාට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එන්නත ලබාගත හැකි බව ද හෙතෙම කීය. මේ අනුව කිසිදු පුරවැසියකු ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා මුදල් නොගෙවිය යුතු බව ද රටවැසියන්ගේ ජීවිතයට මුල්තැන යන ප්‍රතිපත්තිය යටතේ මෙලෙස නොමිලේ එන්නත ලබාදෙන බව ද ඔහු කීය.

‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීමෙන් වෛද්‍ය රක්ෂණ අරමුදලේ දැනට ලබන ආදායම් හෝ වියදම්වලට හෝ සහ නේවාසිකයන්ට කරන ප්‍රතිකාරවලට අදාළ වියදම්වලට බලපෑමක් නොවන බව ද හෙතෙම පැවැසීය.

‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීම මඟින් සාමාන්‍ය නිෂ්පාදනය සහ ජීවිතයට මහජනතාවට ඇති විශ්වීය ඇති අයිතිය සහ ආරක්ෂාව සුරක්ෂිත වන බවත් ලි තාඕ තවදුරටත් කීය.

බීජිංහිදීය (ෂිංහුවා ඇසුරිනි)

ඡායාරූපය - රොයිටර්

055



අදහස් (0)

චීන වැසියන්ට කොවිඩ්-19 එන්නත නොමිලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site