(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,628 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,90,110 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 1,354 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,15,694 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.