IMG-LOGO

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

විනීතා එම් ගමගේ

කහකුඩු වැඩි මිලට අලෙවිකරන වෙළදුන් සොයා අද (22) සිට වැටලීම් සිදුකිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (පාරාභෝගික කටයුතු හා තොරතුරු ) අසේල බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.  

කහ කුඩු කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල  රුපියල් 750 ක් බවට සදහන් කරමින් රජය ඊයේ(21) අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබූ අතර  ඊට වඩා වැඩි මිලකට කහ විකුණන වෙළදුන් ඇල්ලීමට කටයුතු කරන බව ද බණ්ඩාර මහතා කීය.  

දේශියව  නිපදවිය හැකි බැවින් පිටරටින් කහ ගෙන්වීම රජයෙන් තහනම් කරනු ලැබු අතර මේ හේතුවෙන් වෙළද පොලේ කහ කුඩු හිඟයක් මතුවීමත් සමග අඩු මිලට ගෙන්වනු ලැබූ කහ ඉතා ඉහළ මිල ගණන්වලට විකිණීමට වෙළදුන් පියවර ගෙන තිබිණි.



අදහස් (6)

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

Kaha Kurulla Wednesday, 22 April 2020 06:45 AM

වැඩි මිලට තියා කොහොමවත් කහ කුඩු ටිකක් හොයාගන්න කොහේවත් නෑ...

:       0       157

nuwan Wednesday, 22 April 2020 07:33 AM

මන් ලඟදි කහ ගත්තා, ග්‍රෑම් 100ක් රුපියල් 300යි. කිලෝවක් 3000 යි

:       0       59

ratnappriya Wednesday, 22 April 2020 07:35 AM

පාරිභෝගික අධිකාරියට පැමිණිලි 2ක් ම දැම්මා.

:       0       70

gajabaa Wednesday, 22 April 2020 08:46 AM

පරිප්පු 190, සැමන් දැක්කෙවත් නැහැ

:       0       102

Nihal Wednesday, 22 April 2020 09:58 AM

ටි වී එකෙන් කියනවා වෙන්නේ නැ. අද උදේ චුන් පාන් එකෙන් පාන් 1 ගත්තා රුපියල් 60 බර ග්‍රෑම් 270, කාට කියන්නද ? අනිත් දේ රත්තරන් බඩුවක් උගස් තියා ගන්නවත් පැය 4 ක් වත් ලිහිල් නොකරපු දිස්ත්‍රික්ක ලිහිල් කරන්නේ නැ

:       0       16

AMILA Wednesday, 22 April 2020 10:41 AM

අපේ වත්තේ කහ වගා කරලා තියෙනවා. ඒවා විකුනන බැරිව අපි දුක් විදිනවා. ගන්නේ තුට්ටු දෙකට. අතරමැදියෝ සල්ලි හම්බ කරනවා. පරිබෝගිකයෝ වැඩි මිලට ගන්නවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 536 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 706 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 289 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site