IMG-LOGO

කුලියාපිටියේ උපකාරක පන්ති ගුරුවරුන්ට දැඩි අවවාද

(දිනේෂ් උපේන්ද්‍ර)    
 
උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව සෞඛ්‍ය බලධාරින් විසින් ලබා දී තිබූ උපදෙස් නොතකමින් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ඒ සඳහා විශාල ලෙස සිසුන් ගෙන්වාගෙන තිබූ කුලියාපිටිය උපකාරක පන්ති කිහිපයකම නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරිහු උපකාරක පන්ති ගුරුවරුන්ට දැඩි අවවාද කිරීමට පියවර ගත්හ.

සිසුන් වැඩි වශයෙන් සහභාගිව සිටි ඇතැම් උපකාරක පන්තිවල ගුරුභවතුන්ද මුහුණු ආවරණ නිසිලෙස නොපැළැඳ සිට ඇති බව නිරීක්‍ෂණය කර තිබූ එම සෞඛ්‍ය බලධරයින් ඊට සහභාගි වූ සිසුන්ද එම ගුරුවරුන් අනුගමනය කරමින් මුහුණු ආවරණ නොපැළඳ ඉගෙනුම ලබන ආකාරය නිරීක්‍ෂණය කර එම අවස්ථාවේම දැඩිසේ අවවාද කර ඇත.

එමෙන්ම සිසුන් පිරිස වටවී එකට ආහාර ගන්නා ආකාරයද නිරීක්‍ෂණය කරගෙන තිබූ සෞඛ්‍ය බලධරයින් මෙම අවස්ථාවේ අදාළ කරුණු නිවැරදි කරගැනීමට අපොහොසත් වන්නේ නම් නිරෝධායන නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද අවධාරණය කර තිබිණ.



අදහස් (6)

කුලියාපිටියේ උපකාරක පන්ති ගුරුවරුන්ට දැඩි අවවාද

Palitha banneheks Saturday, 20 February 2021 03:47 PM

ඔතන ප්‍රශ්නේ කුලියාපිටියේ ඉන්නේ මොට්ටයින් වීමයි. ගාල්ල වගේ නෙවෙයි..

:       0       0

බද්රානි Saturday, 20 February 2021 07:46 PM

කෙකර බබා අතේ පැළවෙන පට්ටපල් කෙබර කෙලින "බයි ලොජික්" ටියුෂන් කාරයින්ට නැති නීති තමයි අහිංසක ටියුෂන් ගුරුවරුන්ට ක්‍රියාත්මක වන්නේ. ඇමරිකන් බිල්ලෙක් මවලා, ඉතිහාසය තලු මරමින් කෙබරයක් කෙලලා, පැණි කඩයක් පැත්තේ ගියා නම්, කුලියාපිටියේ ටියුෂන් ගුරුවරුත් ගොඩ...? මොන නීතිද? හා නැද්ද තිස්ස සර්?

:       0       1

Wasantha Sunday, 21 February 2021 12:21 AM

මේ රටේ ලොකුම මාෆියාව ටියුෂන්... මේක නියාමනය වෙන්න ක්‍රමයක් හදන්න ඕනෑ. දරුවන් 4 දෙනෙක් ඉන්න කෙනෙක් දරාගන්න විදිහක් නැහැ. පඩියෙන් 50%ක් ඔවුන්ගේ වියදම් කරනවා. අවාසනාව...!!! 

:       0       0

Kodikara Sunday, 21 February 2021 04:38 AM

අපිට අවසර නැතුව ඉන්නවා (බස්නාහිර).. මෙයාලා දීපු අවසරයෙන් පිස්සු නටනවා. ඒකෙන් වෙන්නේ තවත් අපේ අවස්ථාව නැතිවෙන එක.

:       0       0

kamal Sunday, 21 February 2021 05:06 AM

අර යුක්රේනයෙන් ආපු අයට දීපු අවදානමද දීලා තියෙන්නේ?

:       0       0

Banneheka Sunday, 21 February 2021 05:24 AM

කුලියාපිටියේ ඉන්නේ මේ වගේ අය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site