IMG-LOGO

කරාපිටියෙන් කොරෝනා පරීක්ෂණ 200 ක්

(ජී  ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
 
 කරාපිටිය ශික්ෂණ රෝහල මගින් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත දැයි නිශ්චය කර ගැනීම සඳහා  සැක කටයුතු රෝගීන්  දෙසියක් පමණ පරීක්ෂණයට භාජනය කර ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසී ය.
 
කෙසේ වෙතත්  ගාල්ල  දිස්ත්‍රික්කයෙන් කොරනා ආසාදිත වූ බවට  මේ වන විට තහවුරු වී ඇත්තේ එක් රෝගියෙක් පමණක් බව ද  වෛද්‍ය රණවීර කී ය.
 
 කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වරයා මේ බව ප්‍රකාශ කළේ  දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ය .
 
 වෛද්‍ය රණවීර මහතා තව දුරටත් පැවසූයේ කරාපිටිය ශික්ෂණ රෝහල  මගින් මෙම පරීක්ෂණය මාතර හම්බන්තොට සහ මොනරාගල යන රෝහල් වෙත ද සිදු කර ඉතාමත් කඩිනමින් එම වාර්තා ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.
 
 මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතයන්  බවට සැක කරන රෝගීන් 175 ක් පමණ  කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂිත වාට්ටුවේ වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බව ද රෝහල් අධ්‍යක්ෂ වරයා කී ය.



අදහස් (0)

කරාපිටියෙන් කොරෝනා පරීක්ෂණ 200 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site